BREAKING NEWS
latest

728x90

468x60

Monday, January 22, 2018

ඇල්පිටිය රෝහල‍ට අට මහල් ගොඩනැඟිල්ලක්

රුපියල් මිලියන 3108 ක වියදමින් ඇල්පිටිය මුලික රෝහලේ ඉදිකෙරෙන මහල් අටකින් යුත් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධාත්නවයෙන් ඉකුත්දා (19) සවස ඇල්පිටිය රෝහල් සංකීර්ණ භූමියේ දී සිදුවිය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතාගේ ඉල්ලීමකට අනුව ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක්, විකිරණ රසායනාගාරයක්, මාතෘ වාට්ටු, කාන්තා රෝග, ළමා රෝග හා කායික වාට්ටු, ශල්‍යයාගාරයක්, දැඩිසත්කාර ඒකකයක් ,සහ ශෛල්‍යවෛද්‍ය ඒකකයක් සහ ශ්‍රවනාගරයක්ද ස්ථාපිත කිරීමට නියමිතය. මේ අවස්ථාවට මහා සංඝරත්නය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, රෝහලේ වෛද්‍ය අධිකාරි සංජීව අමදෝරු මහත්වරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
« PREV
NEXT »