BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 03, 2018

විනිසුරු වැටුප් වැඩිකිරීමට මුදල් ඇමතිගේ විරෝධය

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගිය සතියේ ගත් තීරණය සම්බන්ධයෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ(2) පැවැති කැබිනට් රැස්වීමේ දී විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් විශාල ප්‍රතිශතයකින් වැඩි කිරීම අනුමත කළ නොහැකි බවත් එමගින් අනෙකුත් ක්ෂේත්‍රවලද නොසන්සුන්තාවයක් ඇතිවිය හැකි බවත් මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

කැබිනට් මණ්ඩලය මෙම වැටුප් වැඩිවීමට අනුමැතිය දුන් දිනයේ තමා එම රැස්වීමට සහභාගී නොවූ බවත් ඔහු එහිදී කියා ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී අදහස් දැක්වූ විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා කියා ඇත්තේ තමා මෙම යෝජනාව ඉදිරිපත් කළේ කමිටුවක් මගින් ගත් සාමූහික තීරණයක් ලෙස බවයි.
« PREV
NEXT »