Monday, January 29, 2018
Home
Gossip Lanka News
තේ සහ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය වහාම නැවැත්වීමට පියවර ගන්නවා
තේ සහ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය වහාම නැවැත්වීමට පියවර ගන්නවා
-
Monday, January 29, 2018
අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.
තේ ප‍්‍රතිඅපනයනය හේතුවෙන් මෙරට තේ පිළිබඳව ජාත්‍යන්තරයේ පවත්නා කීර්තිනාමයට සිදුව ඇති හානිය සහ කර්මාන්තයේ සිදුව ඇති බිඳවැටීම හේතුවෙන් තේ ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
එමෙන්ම ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය හේතුවෙන් ගම්මිරිස් මිල පහත වැටි තිබෙන අතර දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය ද ඉදිරියේදී නැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, ඊයේ (28) බදුල්ල නගරයේ පැවති ජනහමුවක් අමතමිනි.
