BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 23, 2018

විදුහල්පතිනිය දන ගැස්සවූ ඌව පළාත් මහ ඇමති පොලිස් අත්අඩංගුවට

විදුහල්පති ධූරය දරන ගුරුවරියක දණගස්වා අපහසුතාවයට පත් කළ සිදුවීමට අදාළව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක අත්අඩංගුවට පත් කිරීමට අවශ්‍ය බව පොලිසිය දැනුම් දීමෙන් පසු ඔහු නීතීඥයෙකු සමග පැමිණ අද උදෑසන පොලීසියට භාරවී තිබෙනවා. 

චාමර සම්පත් දසනායක බදුල්ල පොලිස් ස්ථානයට භාරවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වූ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මුලින් පළාත් අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණ අතර පසුව විදුහල්පතිනියට කළ හිංසනය සම්බන්ධයෙන් විවිධ සංවිධාන, ගුරුවරුන් දෙමාපියන් උද්‍ඝෝෂණ කළේ මහඇමති තනතුරින්ද ඔහු පන්නා දමන ලෙස බලකරමිනි.
ඔහු අද අත්අඩංගුවට පත්වන්නේ මේ අතරේය.අත්අඩංගුවට පත්වූ මහඇමතිවරයා අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

සිදුවීම වෙනුවෙන් උද්ඝෝෂකයින් ඉල්ලා තිබුනේ මහඇමති ධූරයෙන් ඔහුට ඉවත්වීම වුවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමක් සිදුව තිබේ.
« PREV
NEXT »