BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 17, 2018

ඡන්දෙ කාලේ පොහොට්ටුවෙන් කියන බොරුවක් ගැන පොලිස් ඇමති හෙළි කරයි

පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරළන, ජනාධිපති අගමැති මාරු කරන මැතිවරණයක් යැයි පවසනමින් ජනතාව මුළා කිරීමේ වැඩපිළිවෙලක පොහොට්ටු පක්ෂයේ අයවළුන් නිරතව සිටින බවත් ඔවුන්ගේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී, වැඩක් කළ හැකි අවංක ගමේ නායකයන් ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ කියා සිටියේ හබරාදූව ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින පොලිස් විවාහක නිවාස සංකීර්ණයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. මෙම නිවාස සංකීර්ණය නිවාස 192 කින් සමන්විතය.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙසේ ද කීය.

"ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තිමය ඉහල භාවයක් අපි රජයක් වශයෙන් බලාපොරොත්තු වනවා.ඒ කියන්නේ ඉතාමත් ඉහල සේවයක් අපි ශ්‍රී ලංකා පොලිසියෙන් බලාපොරොත්තු වනවා.ඒ සේවය බලාපොරොත්තු වන අතරම අපි පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න දිහත් බලනවා.එක තමයි අපේ ප්‍රතිපත්තිය.ඉතින් අපි වැටුප් වැඩි කරන්න කටයුතු කරා,රාජකාරි කරන්න අවශ්‍ය උපකරණ,තාක්ෂණය මේ වගේ දේවල් ගෙනෙන්න කටයුතු කළා.අනිත් පැත්තෙන් විශේෂයෙන් පොලිස් නිලධාරීන්ගේ බැරැක්ක සහ විවාහක නිවාස සම්බන්ධව වැඩ රාශියක් අපි පහුගිය වර්ෂය තුල කළා.අපි බැරැක්ක අලුත්වැඩියා කරන්න කටයුතු කළා.මේ වගේම තට්ටු නිවාස 100ක් ගාල්ලේ වැකුනුගොඩ ප්‍රදේශයෙන් මිලදී අරගෙන ශ්‍රී ලංකා පොලිසියට බාරදුන්නා.

කොළඹත් අපි මහල් 12ක විවාහක නිවාස ඉදිකරන්න පොලිස්පතිතුමා මෑතකදී මුල්ගල් තිබ්බ.මෙතනත් අපි පහුගිය වර්ෂයේ මුදල් වලින් තට්ටු නිවාස 192ක් මිලදී ගන්න කටයුතු කරා,ඒ අත්තිකාරම් මුදල් බැඳලා ගිවිසුමක් අත්සන් කරලා මාස 4ක් යන තැන ඒවා අපේ භාරයට ගන්න කටයුතු නිමකරන්න අපි අත්සන් කරලා තියෙන්නේ.ඉතින් අද ආවේ මේ වැඩකටයුතු කොහොමද යන්නේ කියලා නිර්ක්ෂණය කරන්නයි.

සංවිධානාත්මක අපරාධ ඒ කියන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍යය කියන දේවල් අපි අපේ රටින් තුරන් කරන්න ඕන.අපිට ඒ පිළිබඳව තියෙන්නේ මේක බිංදුවටම අඩුකළ යුතුයි. කියන ප්‍රතිපත්තියේ ඉඳන් තමයි අපි කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපි එකට ඉඩ තියන්නම බෑ.අද මත්ද්‍රව්‍ය විශාල ප්‍රශ්නයක් රටේ,ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් හැටියට පාවිච්චි වෙන්න පටන් ගත්ත .ඒ වගේම එයින් සමහර මත්ද්‍රව්‍ය අපේ රටට ඇතුල්වෙලා අපේ රටේ බෙදාහැරීමක් උනා.ඉතින් මේ දෙකම අපි කඩනවා.ඒ දෙක කැඩුවොත් කුඩා පරිමාණයේ බෙදාහැරීම් කරන්න අවශ්‍ය මත්ද්‍රව්‍ය නැතිවෙනවා.හුවමාරු මධ්‍යස්ථානයක් වෙන එක නවත්තන්න වගකීමක් තියනවා අපිට රටක් වශයෙන් අපේ අසල්වැසි රටවල් වලට ජාත්‍යන්තරෙට අපිට වගකීමක් තියනවා.අනිත් එක තමයි රට පුරාම බෙදාහරින ප්‍රධාන කට්ටිය,ඒක කඩන්න ඕන.ඒ දෙකටම අපි වැඩපිළිවෙලක් හදල සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය දිසාව ස්ථාපිත කළා.ඒ කටයුතු හොදින් කෙරීගෙන යනවා.විශාල මත්ද්‍රව්‍ය තොගයක් කිලෝග්‍රෑම් 928 යි ග්‍රෑම් දෙසිය අනු ගානක විශාල මත්ද්‍රව්‍ය තොගයක් 2016 වැටලීමකින් අල්ලගත්ත මත්ද්‍රව්‍ය තොගයක් තමයි අපි ඊයේ විනාස කළේ ,ඒ වගේම අනෙකුත් එකතුවන මත්ද්‍රව්‍යත් විද්‍යානුකුලව,විද්‍යාත්මකව විනාෂ කරන්න අපි ඉදිරියේදී පියවර ගන්නවා

විශේෂයෙන් පොහොට්ටුව පක්ෂයේ කට්ටිය මේ මැතිවරණය පෙන්නෙන්න යන්නේ අගමැති වෙනස් කරන, මේක ආණ්ඩු වෙනස් කරන , ජනාධිපති පත් කරන ඡන්දයක් කියලා. නමුත් ඒ කතාව බොරුවක්.මේක ගමේ ආණ්ඩුව පිහිටුවන මැතිවරණයක්.මේකේ අපි හැමෝම උනන්දු වන්න ඕන ජනතාව වශයෙන් අපේ ගමට වැඩකරන මන්ත්‍රීවරයෙක් පත්කරගන්න.ඒ කියන්නේ සමාජය ගැන හොඳ දැනුමක් තේරුමක් තියන ගම ගැන හොඳ දැනුමක් තේරුමක් තියන විනයක් තියන හොඳ විස්වාසවන්ත සහ මුදල් ගසාකන්නේ නැති අවංක අය පත්කරගන්න.ඒ සඳහායි මේ සටන. මේක මේ ආණ්ඩුව වෙනස්කරගන්නවත් අගමැති පත්කරගන්නවත් යන මැතිවරණයක්වත් නෙමෙයි.අනිත් එක පත්වෙන කෙනාට වැඩකරන්න පුළුවන් වෙන්න ඕන.වැඩකරන්න පුළුවන් ආණ්ඩුව පැත්තේ ඉන්න පත්වෙන අයට තමයි.ඉතින් ඒ වැඩටික කරගන්න පුලුවන් ගමේ අවංක පුද්ගලයෝ පත්කරගන්න මහජනතාව කටයුතු කරන්න ඕන.එතකොට රජය ගෙනියන වැඩපිළිවෙල ගමට හොඳට ගෙන්න අපිට පුළුවන් වෙනවා." යැයි අමාත්‍යවරයා කීය.
« PREV
NEXT »