BREAKING NEWS
latest

728x90

468x60

Monday, January 15, 2018

ආයුධ තොගයක්‌ ළඟ තබාගත් කරන්දෙණිය හිටපු උප සභාපතිගේ සොහොයුරා දැලේ

කරන්දෙණිය, කොටවෙල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී බෝර 12 තුවක්‌කු 2 ක්‌, පෑනක ප්‍රමාණයේ විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌ හා මිලි මීටර් 9 වර්ගයේ උණ්‌ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත පිස්‌තෝලයක්‌ සමග සැකකරුවකු ඊයේ (14 දා) අලුයම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (15 දා) ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැටවෙල, කරන්දෙණිය ලිපිනයේ පදිංචි ඩොනල්ඩ් කුමාර රණවීර (36) නමැති අයයි. සැකකරු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු උප සභාපතිවරයාගේ සහෝදරයකු බවද කරන්දෙණිය පොලිසිය කියයි.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරකට අනුව සැකකරුගේ නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අවි ආයුධ සොයා ගැනීමට හැකිවී තිබේ. පසුව සැකකරු හා අවි ආයුධ ඉදිරි නීතිමය කටයුතු සඳහා කරන්දෙණිය පොලිසියට භාරදී තිබේ.

පසුගිය කාලයේ දකුණේ සිදුවූ අපරාධ හා මිනීමැරුම්වලට සැකකරුගේ හා ඔහු සන්තකයේ තිබූ අවි ආයුධවල සම්බන්ධයක්‌ තිබේද යන්න වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ පවත්වන බව කරන්දෙණිය පොලිසියේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය. නමුත් එවැන්නක්‌ මෙතෙක්‌ තහවුරු වී නැතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතාගේ මෙහෙයවීම මත කරන්දෙණිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ, පොලිස්‌ සැරයන් රණධීර (6021) යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

විවිධ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඉංගී්‍රසි හා දෙමළ භාෂාවෙන් ලියෑවුණු කොටි සංවිධානයේ ලාංඡනය සහිත පොතක්‌ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය පවසයි.

අනුර යසමිත් - බලපිටිය
« PREV
NEXT »