Friday, January 19, 2018
Home
Rajitha Senaratne
පොහොට්ටුවත් හරියට බොම්බයි මොටයි වගේ” - ඇමැති රාජිත එ.ජා.ප මංගල රැළියේ දී කියයි
පොහොට්ටුවත් හරියට බොම්බයි මොටයි වගේ” - ඇමැති රාජිත එ.ජා.ප මංගල රැළියේ දී කියයි
-
Friday, January 19, 2018
පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැළිය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්වයෙන් මහනුවර පොදු වෙළෙදපොල භුමියේ දී අද (18) පස්වරුවේ පැවැත්විනි. එම රැස්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “2015 ජනවාරි 08 මහනුවර මැතිවරණ වේදිකාවට මම පැමිණියේ පසුගිය රජය පෙරළා දැමීම සදහායි. එදින වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග අපි ආවේ රාජ්‍ය බලය ලබාගැනීම සදහායි. අද දින අග්‍රාමාත්‍යවරයා සමග අපි එන්නේ ගමේ බලය ලබාගැනීමටයි. කන්ද උඩරට ජනතාව පෙබරවාරි මස 10 වන දා එම බලය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙනවා. පසුගිය රජය සමයේ රට තුල පැවැතියේ ශෝචනීය තත්ත්වයක්. එදා මනුෂ්‍ය ඝාතන, වංචා දුෂණ සිදු කළ පිරිස් එම මුදල් අරගෙන අද බලය ලබාගන්න ඔබ වෙත එනවා. නමුත් ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට ජනතාව සුදානමින් සිටිනවා. වත්මන් රජය මොනවද කළේ කියලා කවුරුත් අහනවා. මේ තරම් රටට විශාල වැඩකොටසක් ඉටු කළ රජයක් වෙනත් නැහැ. කොළඹ සිට මහනුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරමින් පැයක කාලයක් තුල මහනුවරට පැමිණීමට අවස්ථාව උදා කිරීමට රජය සුදානම්. පාසල් දරුවන්ට රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම, රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහළ නැංවීම, විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාවය නැති කිරීම, සරසවි අධ්‍යාපනය පුළුල් කිරීම සහ පහසුකම් ලබාදීම, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම වැනි සේවාවන් රැසක් රජය විසින් ඉටු කර තිබෙනවා. ඉදිරියේ දී තවත් සහන රැසක් ලබාදීමට මේ රජය සුදානම්.”
ඒ රජය සමයේ සිදුව ඇති බැදුම්කර වංචාවල වටිනාකම රුපියල් බිලියන 4000 ක් වනවා. ඒ පිළිබදව සොයා බැලීමට විශේෂඥයින්ගෙන් යුත් කොමිසමක් ජනාධිපතිවරයා විසින් පත් කරනවා. මම කියන්න කැමැතියි වසර 2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩයි. ලියුම් දාන්න අය ඉන්නවා නම් වැලිකඩට යොමු කරන්න. පසුගිය රජය සමයේ සිදු වූ වංචා දුෂණ සෙවීමට අපි ප්‍රමාද වුනා. නමුත් 2018 වසරේ දී සියලු සොරකම් වල තොරතුරු එළියට එනවා. රණවිරු රාජපක්ෂ මේ වන විටත් විදේශගත වෙලා. ඩුබායි බැංකු ගිණුම්වල ඇති ගිණුම්වල වටිනාකම් සහ අනෙකුත් තොරතුරු සොයාගෙන තිබෙනවා. මෙම පරීක්ෂණ ප්‍රමාදවීම නිසා රාජපක්ෂලා දැන් වීරයෝ වෙලා. ජනතාවට අවශ්‍ය සෑම සහනාධාරයක්ම ලබාදීමට රජය සුදානම්. ඒ සදහා එක්සත් ජාතික පක්ෂයට ජනවරම ලබාදෙන්න. මෙම සුන්දර මැතිවරණ ක්‍රමය ආරක්ෂා කරන්න. එය ඔබට ලබාදුන්නේ මෛත්‍රී රනිල් පාලනයයි. පිපෙන්නේ නැති පොහොට්ටුව බලන්න කණ්නාඩි 10 ක් විතර දාන්න ඕනි. කණ්නාඩි 10 ක් දැම්මත් එය පේන්නේ නැහැ. පොහොට්ටුව පක්ෂය හරියට බොම්බයි මොටයි වගේ. මෙම රජය වසර 2020 දක්වා රට පාලනය කරනවා. ඉන් පසු පැවැත්වෙන මැතිවරණයෙන් ජයගෙන අපි වසර 2025 දක්වා ද රට පාලනය කරනවා.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...