Wednesday, January 31, 2018
Home
Gossip Lanka News
රනිල් - රවී එකඟතාවයෙන් රවී එළියට?
රනිල් - රවී එකඟතාවයෙන් රවී එළියට?
-
Wednesday, January 31, 2018
පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර එකඟත්වයක් සිදුව තිබෙන බව අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.
ඒ අද පෙරවරුවේ ඔවුන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ජාවකදීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ,
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු බැදුම්කර සිදුවීමට වගකිවයුත්තන් ලෙස කොමිසම් වාර්තාවේ නම් සඳහන් වන සියල්ලන්ම පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.
කුරුණෑගල ජනහමුවක් අමතමින් ඔහු එබව අවධාරණය කර සිටියේය.
පාඩු වූ බව කියන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට රජය විසින් අදාළ සමාගමෙන් රදවා ගැනීමට කටයුතු කර ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
බැදුම්කර සිදුවීමත් සමග ඇමතිවරු ඉවත් වූයේ ද ඉවත් වන ලෙසට පක්ෂය විසින් දැනුම් දෙනු ලැබූ නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරත් කියා සිටියේය .
