BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 09, 2018

උදයංග ගෙන්න රාජ්‍ය නිලධාරීහු ඩුබායි යති

අත්අඩංගුවේ පසුවන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා වීසා බලපත් ලැබීමෙන් පසු විශේෂ රාජ්‍ය නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඊයේ ඩුබායි බලා පිටත්ව ගොස්‌ ඇත.

සැකකාර උදයංග වීරතුංග රැගෙන ඒම සඳහා ඩුබායි වෙත යැමට වීසා නොලැබීම නිසා රාජ්‍ය නිලධාරීන් පිරිසට දින දෙකක්‌ තිස්‌සේ එහි යැමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී තිබිණි.

මිග් යානා ගනුදෙනු සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි උදයංග වීරතුංග මහතා ඉකුත් 2 දා ඩුබායි ගුවන් තොටුපළේදී එරට ආගමන විගමන නිලාධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

සැකකාර උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා ගිය විශේෂ රාජ්‍ය නිලධාරීන් කණ්‌ඩායමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, මූල්‍ය අපරාධ කොට්‌ඨාස නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්‌ව සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටී.
« PREV
NEXT »