Monday, February 19, 2018
Home
Gossip Lanka News
සමාගමේ ගිණුමෙන් කෝටිගණන් තෑගි දීලා? - රන්ජන්ගෙන් හෙළිදරව්වක්
සමාගමේ ගිණුමෙන් කෝටිගණන් තෑගි දීලා? - රන්ජන්ගෙන් හෙළිදරව්වක්
-
Monday, February 19, 2018
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ ගිණුමකින් රුපියල් කෝටි සියයකට අධික මුදලක් ලබාගෙන එම මුදල විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තෑගී දී ඇති බව රහස් පොලීසිය විසින් හෙළි කරගෙන ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ අර්ජුන් අලෝසියස් සහ ඔහුගේ පියා වූ ජෙෆ්රි ඇලෝසියස් නමැත්තන්ට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අයත් බවත්, ඔවුන් දෙදෙනා විසින් පසුගිය පෙබරවාරි 07 වැනිදා දක්වා බිලියන 1.19ක මුදල් ලබාගෙන විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තෑගී දී ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා දැනුම් දුන්නේය.
2014 මැයි මස 29 වැනිදා සිට2018 පෙබරවාරි මස 07 දක්වා වසර 3 1/2ක පමණ කාලය තුළදී පිය යුතු දෙදෙනා විසින් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට අයත් සෙලාන් බැංකු ගිණුමකට 66 වතාවක් බැරකර ඇතැයි දැනුම් දුන් යසන්ත කෝදාගොඩ මහතා, අවස්ථා 154කදී එම මුදල් නැවත ඉවත් කරගෙන ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.
එමෙන්ම 2018 පෙබරවාරි 07 වැනිදා වන විට අදාළ ගිණුමේ මුදල් අගය රුපියල් බින්දුවක් වශයෙන් සඳහන් වන බවත් පැවසූ කෝදාගොඩ මහතා විවිධ තරාතිරමේ පුද්ගලයන්ට ත්‍යාග ලබාදීම සඳහා එම ගිණුමේ මුදල් උපයෝගී කරගෙන ඇති බවට සාධාරණ සැකයක් මතුවී ඇතැයිද පැවසීය.
රන්ජන්ගෙන් හෙළිදරව්වක්
මෙන්ඩිස් සමාගම සතු රුපියල් බිලියන 1.7ක් වටිනා චෙක්පත් 157කින් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් බොහෝ පිරිසකට මුදල් ගෙවා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
පසුගිය පෙබරවාරි 04 දක්වා පක්ෂ විපක්ෂ දේශපාලඥයන් බොහෝ පිරිසකට අල්ලස් වශයෙන් චෙක්පත් ලබාදුන් ලැයිස්තුව ජනාධිපතිවරයා සතුව තිබෙන බවද ඒ මහතා කීවේය.
එම නම් ගම් හෙළිවුවහොත් තවත් අර්බුදයක් හටගනු ඇති බව රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...