BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 27, 2018

නුගේගොඩ ඒකාබද්දයේ මහ රැළියට ඇමතිවරුන් හයක් ගොඩවෙනවලු

ඒකාබද්ද විපක්‍ෂය විසින් මාර්තු මස 07 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ජනරැළිය සදහා ආන්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් හය දෙනෙකු එක්වනු ඇති බවට වාර්තාවන් පලවෙයි.

රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මිදීම සදහා වහාම මැතිවරණයක් පවත්වන ලෙස රජයට බල කිරීමට ඒකාබද්ද විපක්‍ෂය විසින් රට පුරා රැළි මාලාවක් පැවැත්වීමට සූදානමින් සිටින අතර නුගේගොඩදී පැවැත්වීමට සූදානම් කර ඇත්තේ එහි පළමු රැළියයි.

එම රැුළියට එක්වන ඇමතිවරුන් පිරිස මේ වන විටත් සාකච්චා පවත්වමින් සිටියද ආණ්ඩුවේ සිටින ජාතික ලයිස්තු ඇමතිවරුන් පිරිස ඒ සදහා දැඩි බාධා එල්ල කරමින් සිටින බවද ඒකාබද්ද විපක්‍ෂ ප‍්‍රකාශකයෙක් කීය.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී ජනතාව අතින් ප‍්‍රතික්‍ෂෙප වීමට පෙර ඔවුන් තම දේශපාලන අනාගතය ගැන තීන්දුවක් ගනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
« PREV
NEXT »