Friday, February 09, 2018
Home
Gossip Lanka News
අර්ජුන් - කසුන්ට අද ඇප?
අර්ජුන් - කසුන්ට අද ඇප?
-
Friday, February 09, 2018
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන හට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔවුන් වෙනුවෙන් ලිඛිත දේශන කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට පසුගියදා (07 දා ) බාරදෙනු ලැබීය.
විත්තිකරුවන්ට ඇප දීම සම්බන්ධව විරෝධතා පවතී නම් ඒවා අද (09 දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ලට නියම කළාය.
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් ඇලෝසියස් යන අයට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔවුන් වෙනුවන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලක්මිණි ගිරාගම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන හෙයින් ඒ සඳහා කල් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළාය.
ඒ අනුව අද (09 දා ) එම ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියම කළාය.
