BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 13, 2018

නොසිතු දෙයක් වෙයි - පොහොට්ටු ආසන සංවිධායකයන්ගෙන්- මහින්දට දැඩි විරෝධය - mahinda rajapaksa

පැවති පළාත් පාලන මැතිවණයේදී සිය ආසනයන් අන්ත පරාජයකට ලක් වූ කිසිදු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරයෙකු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට පත් කර නොගන්නා ලෙස එම පක්‍ෂ ආසන සංවිධායකයන් රැසක්ම හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

පසුගිය තුන් වසර පුරාව අනේක විධ දුක් ගැහැට විදිමින් දේශපාලනය කල තමන්ගේ ආසන සංව්ධායක ධුරයන් අවස්ථාවාදීන්ට යලි ලබා දීමට කිසිසේතම නොහැකි බවත් එම පිරිස් පෙන්වා දී ඇත.

ඉදිරි පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණයන් ජය ගැනීමට තමනට ශක්තිය ඇති බවත් එම මැතිවණයන් සදහ් අපේක්‍ෂකයන් ලෙස තමන් තරග වදින බවත් පොහොට්ටුවේ ආසන සංවිධායකයෝ දැඩිව අවධාරණය ඇත.

පරාජිත ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ඇමති පිරිසක් පොදුජන පෙරමුණට එක් කර ගැනීමට යන්නේ යයි පල වන වාර්තා හේතුවෙන් කලබලයට පත් මෙම පිරිස හිටපු ජනාධිපතිවරයාට මෙම අදහස් පල කර තිබේ.
« PREV
NEXT »