Tuesday, February 20, 2018
Home
Namal Rajapaksa
ආණ්ඩුවට මුක්කු ගහන්න අපි යන්නෙ නෑ - නාමල්
ආණ්ඩුවට මුක්කු ගහන්න අපි යන්නෙ නෑ - නාමල්
-
Tuesday, February 20, 2018
ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට මුක්කු නොගසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (19) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් පැවසීය.
මුක්කු ගසා ආණ්ඩුව ගෙන යා නොහැකි බවත් ජනවරම ඇත්තේ කොතනදැයි බැලීමට නම් පාර්ලිමේන්තුව විසිරවිය යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා කීවේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.
“මැතිවරණ අල්ලස් මධ්‍යයේ නොයෙක් බාධක මැද පොහොට්ටුවට ඡන්දය දුන් සියලු දෙනාට ස්තුති වෙනවා. ශ්‍රීලනිප ඇමැතිවරයා වංගෙඩියක් දුන්නම, එජාප ඇමැතිවරයා ගිහින් දෙනවා මෝල් ගහක්. ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මෙයයි. ඒත් බඩු බෙදලා ඡන්ද ගන්න බෑ කියලා ජනතාව පෙන්නුවා.
මට දැන් ආණ්ඩුවේ විපක්ෂෙ හොයන්න බෑ. ටීඑන්ඒ ඉඳන් වටේම ඉන්නේ එකට. ඔක්කොගෙම ඡන්ද එකතු කරලා කියනවා මහින්දට වඩා ගත්තා කියලා.
රාජිත සේනාරත්න කියනවා අපි ආණ්ඩුවක් ගන්න හදනවා කියලා. අපි ආණ්ඩුවට මුක්කු ගහන්න හැදුවේ නෑ. අපි ඒ බව මුලින්ම කිව්වා.
මේ ඡන්දයේ සියයට 80ක් දෙනා ඡන්දය දුන්නා. ප්‍රාදේශීය සභා මැතිවරණ ඉතිහාසයේ විපක්ෂය ජයග්‍රහණය කළා. දැන්වත් ජනතාවට තිබෙන ප්‍රශ්න සාකච්ඡා කරයි කියලා අපි හිතුවා. ඡන්ද ප්‍රතිඵලය ආපු ගමන් යූඇන්පී අය කියනවා එජාප නායකයා මරු කරන්න කියලා. ශ්‍රීලනිප සභාපතිකමත් තියාගෙන ශ්‍රීලනිපය කියනවා එජාප නායකයා මරු කරන්න කියලා. එජාපය කියනවා ශ්‍රීලනිප නායකයා මාරු කරන්න කියලා.
අපි ආණ්ඩුවට ජැක් ගහන්න ගියේ නෑ. හැබැයි අපි කිව්වා ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න කියලා.
කරු අගමැති කරනවාද එජාප නායකයා කවුද කියලා තීරණය කිරීම ශ්‍රීලනිප නායකයාගේ වැඩක් නෙමෙයි. තිලංග සුමතිපාල මහතා ඊයේ රෑ එකක් කියනවා. උදේ මහින්ද අමරවීර මහතා තව එකක් කියනවා. එජාපෙන් දවල්ට තව එකක් කියනවා. මෙහෙම කොහොම ආණ්ඩුවක් කරගෙන යන්නේ.
විපක්ෂ නායකවරයා කියනවා පොහොට්ටුව ජාතිවාදය අවුස්සනවා කියලා. දෙමළ ජාතික සන්ධානය තමයි ජාතිවාදය වැපිරුවේ.
ජැක් ගහලා මුක්කු ගහලා ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බෑ. ජනමතය තේරුම් ගන්න. පාර්ලිමේන්තුව විසිරුවන්න. බලමු ජනමතය කොහෙද තියෙන්නේ කියලා‘‘යයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...