BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 18, 2018

අගමැති - ජනපති - කතානායක ජනාධිපති නිල නිවසේ තීරණාත්මක හමුවක

ජනාධිපතිවරයා විසින් කරන ලද කැදවීමක් අනුව අගමැතිවරයා හා කතානායකවරයා සාකච්චාවක් සදහා ජනාදිපති නිල නිවසට පැමිණ සිටී.


කෙසේ වෙතත් මීට පෙර ඊට අගමැතිවරයා දන්වා තිබුනේ තමන් පෙර යොදා ගත් රැස්වීමක් නිසා තමන් එම හමුවට සහභාගී නොවන බවකි.

පවතින දේශපාලන තත්වය ගැන සාකච්චා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් මෙම සාකච්චාව කැදවා ඇත.

අද පස්වරුවේ සිරිකොතේදී පැවති එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම පක්‍ෂ නායක හා අගමැති තනතුරේ තබා ගැනීමට තීරණය කර ඇත.

මේ අතර සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා තීරණාත්මක සාකච්චාවකට සන්ධාන මන්ත‍්‍රීවරුන් අද රාත‍්‍රියේ ජනාදිපතිවරයා හමුවීමට නියමිතය.
« PREV
NEXT »