BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 22, 2018

අගමැති වෙනස්‌ කරන්න තරම් අසනීපයක්‌ ජනපතිට නෑ - රාජිත

අගමැතිවරයා වෙනස්‌ කරන්න තරම් අසනීපයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නැති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 


අගමැති වෙනස්‌ කිරීම ගැන මාධ්‍ය මඟින් ලොකු මතවාද රැගෙන ගිය බව ද එය සිදු නොවන නිසා දැන් කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනය ගැන කතා කරන බව ද හෙතෙම කීවේය. 

කැබිනට්‌ සංශෝධනයකට මාධ්‍යවලට හදිසි වුව ද අපට හදිසියක්‌ නැතැයි කී සේනාරත්න මහතා මෙම සතිය අවසන් වීමට පෙර කැබිනට්‌ සංශෝධනයක්‌ සිදුවිය හැකි බව ද මේ වනවිට ඒ පිළිබඳව සාකච්ඡා සිදුකරමින් පවතින බව ද කියා සිටියේය.

කැබිනට්‌ සංශෝධනයෙන් පසුව එජාපය හා ශ්‍රීලනිප ජාතික ආණ්‌ඩුව සඳහා යළි ගිවිසුම් අත්සන් කරන බවත් ඇමැති මණ්‌ඩල හමුවේදී ද පක්‌ෂ දෙකේම ඇමැතිවරුන් සුහදව අගමැති සමඟ කතා බස්‌ කළ බවත් ඇමැතිවරයා පැවසීය.

ආණ්‌ඩුවේ සිටිමින් ආණ්‌ඩුවටම ගහපු එක ආණ්‌ඩුවේ පරාජයට මූලික හේතුව වූ බව ද තමා මෙහෙම ආණ්‌ඩුවක ජීවිතේට සිට නැති බව හා මේ ආණ්‌ඩුව හැදුවේ ද එවැනි දෙයක්‌ සිදු නොවීමට බවත් අගමැති හා ජනාධිපති ඉදිරියේම ප්‍රකාශ කළ බව ද ඇමැතිවරයා පැවසීය.

මෙලෙස විවේචන තිබියදී ජනතාව මේ තරම්වත් ඡන්ද දුන්නු එක ද පුදුමයක්‌ බව හෙතෙම කීය.

පසුගිය ආණ්‌ඩුවේ සොරකම් අල්ලන්න ඇවිත් මේ ආණ්‌ඩුවේ ද හොරකම් සිදු වූ විට ගිය ආණ්‌ඩුව සොරකම් කළත් යුද්ධය නිමා කළ බව හා මේ ආණ්‌ඩුව මොකුත් නොකර සොරකම් කරන බව සිතා ජනතාව ඔවුන්ටම ඡන්දය දී ඇති බව ද මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (21 දා) පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සඳහන් කළේය.

රනිල් ධර්මසේන
« PREV
NEXT »