BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 05, 2018

උදයංග ලංකාවට එන්න බෑ කියයි - යුක්රේනයට යන්න ඕන කියයි : Udayanga Weeratunga

ඩුබායි ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකාවට නිලවශයෙන් දැනුම්දී තිබේ.

මොහු ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයකින් ඇමරිකාව බලා යාමට පැමිණි අවස්ථාවේදිය.

අධිකරණ නියෝගයක් මගින් ඔහුගේ ගමන් බලපත්‍රය අත්හිටුවා තිබී ඇති අතර එය නොදැන උදයංග මහතා ඇමරිකාවට යාමට උත්සාහ කර තිබේ.

උදයංග මහතාව ඩුබායි ආගමන නිලධාරීන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට උත්සාහ කර ඇති බවත්, පසුව ඔහු විසින් තමා යුක්රේන පදිංචිකරුවකු බවත් එහි යවන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.

කෙසේවුවද, ඔහු අධිකරණයේ විභාගවන නඩු කටයුත්තක් සඳහා අවශ්‍ය පුද්ගලයකු බැවින් ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් ද නිකුත්කර ඇති බවත්, ඒ අනුව ඔහු ලංකාවට බාරදෙන ලෙස මේවන විට ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.

උදයංග මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමට කොටුව අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව ආගමන විගමන දෙපාර්තමෙන්තුව එය අත්හිටුවා තිබී ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ අතර, උදයංග ලංකාවට රැගෙනඒම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අද (04) රාත්‍රියේ අබුඩාබි බලා පිටත්වයාමට නියමිත බව පැවසේ.

ඒ උදයංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වුවද, රාජතාන්ත්‍රික වශයෙන් ඔහු ශ්‍රී ලංකාවට බාර ගැනීමට ගනුදෙනුකළ යතුවන්නේ අබුඩාබි රාජ්‍ය සමඟවීම නිසාය.

උදයංග පළාත් පාලන මැතිවරණයට පෙර ලංකාවට ගෙන්වාගැනීමට මේවන විට දේශපාලකයන් කිහිපදෙනෙකු විශාල උත්සාහයක් දරමින් සිටින බවද වාර්තා වේ.
« PREV
NEXT »