Wednesday, February 14, 2018
Home
Gossip Lanka News
සන්ධාන රජයක් බිහිකරන්න - UPFA ජනපතිට කියයි
සන්ධාන රජයක් බිහිකරන්න - UPFA ජනපතිට කියයි
-
Wednesday, February 14, 2018
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අද (14) පස්වරුවේ එම ඉල්ලීම ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කමිටු ලේකම් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.
ජනපති හෙට ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (15) පස්වරුවේ කොළඹට කැඳවනු ලැබ ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ හෙට සවස 3.00ට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් මෙසේ කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා ඇත.
