BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 03, 2018

වැව් 2400 ක්‌ පිළිසකර කිරීම ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි

වියළි කලාපයේ පිහිටි පැරණි වැව් 2400 ක්‌ පිළිසකර කිරීමේ රජයේ වැඩපිළිවෙලේ සමාරම්භක කටයුත්ත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පෙරවරුවේ පොලොන්නරුවේදී ආරම්භ කෙරිණි.

පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ වැව් 123 ක්‌ මේ සඳහා තෝරාගෙන ඇති අතර ඊයේ (02) උදේ ප්‍රථමයෙන් පොලොන්නරුව චන්දන පොකුණ වැවේ ප්‍රතිසංස්‌කරණ කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව මගිනි.

එහිදී ජනාධිපතිවරයා වැවේ සංවර්ධන සැලැස්‌ම පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කළේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්Cධායනා මධ්‍යයේ ශ්‍රී ලංකා යුද හමුදාව වැවේ පිළිසකර කටයුතු ආරම්භ කරද්දී එම කටයුතු ජනාධිපතිවරයාගේ නිරීක්‍ෂණයට ලක්‌ වුණි.

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් රංජිත් ආරියරත්න මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගී වූහ.
« PREV
NEXT »