BREAKING NEWS
latest

728x90

468x60

Thursday, March 15, 2018

අගමැති පන්නන විශ්වාස බංගයට දැනට 95ක් සූදානම් - කොළඹ ප‍්‍රබලයා සමග එජාප මන්ත‍්‍රීන් 20ක් එයි?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්ෂයෙන් ගෙන ඒමට සැලසුමි කර ඇති විශ්වාශ භංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රිවරුන් තිහකට වැඩි පිරිසක් මේවන විට සහය පළ කිරිමට එකගත්වය පළ කර ඇතැයි ඒ සදහා මුල්වී කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පැවසිය.

රාජ්‍ය ඇමතිවරුන් වන පාලිත රංගේබංඩා, වසන්ත සේනානයක හා පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක යන මැති ඇමතිවරුන් එළිපිටම නායකත්වයට එරෙහිව සටනට එළබ තිබෙි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සමග මෙම මැති ඇමතිවරුන් සති අන්තයේ පැවති රහස් සාකච්චාවෙිදී ඔහු එකග වී ඇත්තේ තමා සමග සිටින පසුපෙළ මන්ත්‍රිවරුන් විස්සකට වැඩි පිරිස අවශ්‍ය ඔනෑම අවස්ථාවකදී සහයෝගය ලබා දෙන බවයි.

මේ අතර එකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරුන් 55දෙනා සේම නිදහස් පක්ෂයේ සිටින ඇමතිවරුන් දසදෙනෙක් පමණද රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාශ භංග යෝජනාවට සමහ පළ කිරිමට එකග වී ඇත.

ඒ අනුව අගමැතිවරයාට එරෙහි වශ්වාශ භංග යෝජනාවට මන්ත්‍රිවරුන් 95කට ආසන්න පිරිසක් සහය ලබා දීමට එකගත්වය පළ කර ඇතැයි එම මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසිය.
« PREV
NEXT »