BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, March 14, 2018

අපහාස - සමාජ විනාශ බෑ - ෆේස්බුක් යලි අරින හැටි ජනපති ජපානයේදී කියයි

ෆෙස්බුක් ඇතුළු සමාජ ජාලා තාවකිලාකව අවහිර කර ඇත්තේ මහනුවර හා අම්පාරේ ඇති වූ සිදුවීම්වලදී ඒවායේ හැසීම නිරීක්‍ෂණය කරමින් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේ ජපාන සංචාරයේ නිරතවන අතරවායේ ටෝකියෝ නගරයේදී ලාංකිකයන් හමු වූ අවස්ථාවේදීය.

සමාජ යහපතට ප‍්‍රවාහයනට ඉඩ දුන්නත් සමාජය විනාශ කරන දේවල් පාලනය කිරීමට ක‍්‍රමයක් අවශ්‍ යයිද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

මානවයාගේ යහපත සදහා නිර්මාණය වූ ජංගම දුරකථන, පරිගණක, අන්තර්ජාලය මෙන්ම සමාජ මාධ්‍ය මගින් ලෝකයේ දැනුම ලබා ගත හැකි වුවත් ශී‍්‍ර ලංකාවේ ඇතැමුන් ඒකා භාවිත කරන්නේ රට විනාශ කිරීමට යයිද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

මේවා නිසි පරදි භාවිතා කිරීම සදහා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත්කියා සිටියේය.

ජාතික සමගියට ජාතික ආරක්‍ෂාවට හානි කරන, පුද්ගලයන්ට බරපතළ නින්දා ආදී දේ ඉවත් කර නිවැරදි තොරතුරු පමණක් හුවමාරු කරන මාධ්‍යයන් වැඩියෙන් උවමනා යයිද ඔහු තව දුරත් කීවේය.
« PREV
NEXT »