BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 23, 2018

ජනපති පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් පකිස්තානයෙන් ලැබුණු ඉහලම ආචාරය අද දිනයේ හිමි වූ බව ලෝකයම ඉදිරියේ අද වාර්තා වුයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දිනයේ පකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමත් සමගය.

විශේෂ ආරක්ෂක රථ වාහන පෙළපාලියකින් උත්සව භූමිය වෙත ගිය ජනාධිපතිතුමා පාකිස්ථාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.මුළු පකිස්තානයම මෙය දෙස ඒ මොහොතේ සජීවීව නරබමින් සිටියේ ශ්‍රී ලංකාවට මහත් වූ අභිමානයක් ගෙන දෙමින්ය.

අනතුරුව ජනාධිපතිතුමා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමා, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ පාකිස්ථාන ති‍්‍රවිධ හමුදාපතිවරු එහි අසුන් ගත්හ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පැමිණිමත් සමග උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර දෙරටේ ජනාධිපතිවරු ඇතුළු පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාලිය සහ විචිත‍්‍රවත් ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට එක්විය.

පාකිස්ථාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු රටවල හමුදාවන් මෙම ගුවන් සංදර්ශනය සඳහා එක්ව සිටියහ.

පැය 03 කට ආසන්න කාලයක් පැවති ජන රජ දින සැමරුම් උළෙල අලංකාරවත් සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් කෙරිණි.
« PREV
NEXT »