Monday, March 19, 2018
Home
Gossip Lanka News
එජාපයේ ගොඩයන්න නායකයාට කරන්න ඕනේ දේ රවී හෙළිකරයි
එජාපයේ ගොඩයන්න නායකයාට කරන්න ඕනේ දේ රවී හෙළිකරයි
-
Monday, March 19, 2018
අභ්‍යන්තර මත ගැටුම් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය හැර යාමට සිදුවූ සිරිසේන කුරේ, තිස්ස අත්තනායක, රුක්මන් සේනානායක හා ඉමිතියාස් බකීර් මාකර් වැනි එජාප හිටපු නායකයින් යළි පක්ෂයට එක්කර ගැනීමට වහාම කටයුතු කල යුතු බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
එසේම එවැනි ගැටුම් හේතුවෙන් එජාපයෙන් ඉවත්ව ශ්‍රීලනිපයට එක්වූ කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර, රෝහිත බෝගොල්ලාගම, අසාත් සාලි, දිනේෂ් දොඩංගොඩ, හා ධනසිරි අමරතුංග වැනි තරුණ දේශපාලනඥයින් ද යළි එජාපයට දිනා ගැනීමට පක්ෂ නායකත්ව කටයුතු කළ යුතු යයි රවී කරුණානායක මහතා පවසයි.
කොළඹ මට්ටක්කුලියේ පිහිටි රවී කරුණානායක මහතාගේ පක්ෂ කාර්යාලයේ ඊයේ (18) පැවති රැස්වීමකදී මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, එජාප පක්ෂ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් තරුණයකු කල විමසීමකදීය.
මෙම රැස්වීමට කොළඹ දිස්ත්‍රීක්කයේ සැම ආසනයකින් ම පාහේ නියෝජනය වනසේ තරුණ තරුණියන් පිරිසක් කැඳවා තිබිණ.
පක්ෂය ආරක්ෂා කර ගැනීම හා 2020 දී එජාප ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා පක්ෂයට ප්‍රබල සැත්කමක් කලයුතු යයි ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.
එසේම පක්ෂයේ තනතුරු වසර 10කට සීමා කළ යුතු බවද ඔහු කියා සිටියේය.
'තැනක් ලැබෙන්නේ නායකයට ගැහුවොත් විතරයි'
එජාප නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් තරුණයකු කල විමසීමකදී අදහස් දැක්වූ රවී කරුණානායක මහතා, තවදුරටත් පැලැස්තර විසඳුම් වලින් පලක් නැතැයි කියා සිටියේය.
'' මේ පක්ෂය ඇතුලේ නායකයා ආරක්ෂා කරන්න කටයුතු කරන අයට පක්ෂයේ තැනක් ලැබෙන්නේ නැහැ. නායකයා ප්‍රසිද්ධියේ විවේචනය කරන පහරදෙන අයට තමයි තැනක් දෙන්නේ. වරප්‍රසාද ලැබෙන්නේ. තනතුරු ලැබෙන්නේ. නායකයා වෙනුවෙන් හිටිය අයට හැමදාම කෙනෙහිලි. දෙපැත්තෙන්ම තැලෙනවා.
එහෙම ගැටුම් එනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරන්න හිටපු අය කලකිරිලා එපාවෙලා පක්ෂය දාලා යනවා. අත්දැකීම් නැති, අලුත්ම කට්ටියක් දාල ඒ පුප්පාඩු පුරවනවා. පක්ෂය එකතැන පලවෙන්නේ මේ නිසා. මේ සෙල්ලම කරගෙන යන්න දෙන්න බැහැ . ''
නායකත්ව මණ්ඩලයක් හා ටිල්වින් කෙනෙක් !
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමෙන් විසඳුමක් ලැබේදැයි එම හමුවට සහභාගී වී සිටි අයකු කල විමසීමේදී රවී කරුණානායක මහතා කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඉවත් කිරීමට කටයුතු කළහොත් පක්ෂය කැලි කැලි වලට කැඩීයාමේ අනතුරක් ඇති බවයි. විරුද්ධවාදීන්ගේ අපේක්ෂාව එය බවද ඔහු පෙන්වා දුන්නේය.
පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳීමට ඇති හොඳම විසඳුම නායකත්ව මණ්ඩලයක් පිහිටුවීම බව ඔහු අවධාරණය කළේය.
පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉවත්කර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත්කිරීමේ සුදානමක් ඇත්දැයි තරුණයකු කල විමසීමේදී, තමා එවැන්නක් නොදන්නා නමුත්, ජේ.ආර්. යුගයේ පැවති ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන අති දක්ෂයකු පුර්නකාලිනව එජාපයේ මහ ලේකම් කිරීමට කාලය එළඹ ඇතැයි කියා සිටියේය.
'' මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා වගේ කෙනෙක් දැන් සිරිකොතටත් අවශ්‍යයි. ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වැඩ අධික නිසා පුර්ණ කාලිකයකු මේ සඳහා පත්කරන්න ඕන. ඉස්සර එජාප මහ ලේකම් පත්කළේ එහෙම. පක්ෂයේ පහල කොටස් වලට 'සිරිකොත' සමග යලි ගනුදෙනුවක් හදන්න පුළුවන් වන්නේ එවිටයි..''
පළාත් පාලන මැතිවරණ හරහා බිම් මට්ටමින් දිනා එන තරුණ තරුණියන් හඳුනා ගනිමින් ඔවුන් ගෙන් පක්ෂයට උපරිම දායකත්වයක් ලබා ගැනීමටත්, ඔවුන්ගේ දක්ෂතා අනුව ඉහලට ගෙනයාමටත් 'සිරිකොතට' එවැනි ක්‍රියාකාරී යන්ත්‍රනයක අවශතාවය ඔහු පෙන්වා දුන්නේය.
සෝභිත හිමියන්ට පිටුපෑමේ පව !
මේවනවිට ලංකාවේ ප්‍රධාන පක්ෂවල නායකයින් 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයක් ඉලක්කර ගනිමින් කටයුතු කිරීම නිසා බරපතල දේශපාලන අර්බුදයක් මතුව ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, එම තත්වයතුල යහපාලන ආණ්ඩුවේ පැවැත්මද අවධානමට ලක්ව ඇතැයි කියා සිටියේය.
'' ජනවාරි අටවෙනිදා ජනතාව දුන් ජනවරම නොතකා කටයුතු කිරීම නිසා මෙවැනි ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා. අපි පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ ඉදිරිපත් කල ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලට නැවත යා යුතුයි. ඒ වැඩපිළිවෙල වහාම ක්‍රියාත්මක කල යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කල යුතුයි.එක්සත් ජාතික පක්ෂය යලි ශක්තිමත් කිරීමට වහාම මැදිහත්විය යුතුයි '' යයි ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...