Friday, March 30, 2018
Home
Gossip Lanka News
විශ්වාසභංගය ගැන කතාකරන්න විජේරාම නිවසේ පැවති රහසිගත හමුව ගැන මෙන්න
විශ්වාසභංගය ගැන කතාකරන්න විජේරාම නිවසේ පැවති රහසිගත හමුව ගැන මෙන්න
-
Friday, March 30, 2018
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ දී මුණගැසුණාහ. ඩලස්, මහින්දානන්ද, ප්‍රසන්න, පවිත්‍රා, රෝහිත ඇතුළු පිරිසක් එහි වූහ. ඔවුන්ගේ විශේෂ අවධානය යොමු කෙරුණේ අප්‍රේල් මස 04 වැනි දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙනි.
“විශ්වාසභංගය තුළින් අගමැතිට එල්ල කරපු අභියෝගය සුළුපටු එකක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය වගේම ආණ්ඩුවට සහයෝගය දෙන අනෙක් සියලුදෙනාත් මේකෙන් හෙල්ලිලා ගියා” ඩලස් පැවසීය.
“ඒ කතාව ඇත්ත. ආණ්ඩුවෙම ඉන්න ගොඩක් අයට රනිල්ව අයින් කරන්න ඕනේකම තියෙනවා කියලා දැන් පැහැදිලි වෙලා ඉවරයි. ඒ අය බලන් ඉඳලා තියෙන්නේ කවුරු හරි අගමැතිව එලවලා දාන්න මූලිකත්වය ගන්නකම්. හැබැයි රනිල්වත් හිතන්න නැතිව ඇති මෙච්චර විරෝධයක් ආණ්ඩුව ඇතුළෙන්ම තියෙනවා කියලා” මහින්දානන්ද පෙන්වා දුන්නේය.
“රනිල්ව රටට වගේම දැන් එයාගෙම පක්ෂයේ අයටත් සහමුලින්ම එපා වෙලා ඉවරයි. කාටත් එපා වෙච්ච කෙනෙක් බලෙන් බලයේ රැඳිලා ඉන්න එකත් ඒකාධිපතිවාදයක් තමයි. හැබැයි එදා අපිට නොයෙක් චෝදනා කරපු අයට රනිල් පක්ෂයෙත් ආණ්ඩුවෙත් බලෙන් රැඳිලා ඉන්න එක පේන්නේ නැහැ” ප්‍රසන්න කීවේය.
“රනිල් නායකත්වයට පත් වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂය ජනතාවට එපා වෙලාම ගියා. එහෙම වුණේ රනිල් බලයට පත් වුණාම කවදාවත් රට, ජාතිය, ආගම ගැන හිතන්නේ නැතුව වැඩ කරපු නිසයි. 2001 දී වගේම 2015 හදපු ආණ්ඩුවත් වැඩ කළේ රට, ජාතිය ගැන හිතන්නේ නැතුවයි” පවිත්‍රා පැවසුවාය.
“හැබැයි අපිට ලැබිලා තියෙන ආරංචිවලට අනුව තවම රනිල් සටන අතහැරලා නැහැ. කොහොම හරි අගමැතිකමේ එල්ලිලා ඉන්න පුළුවන් තරම් උත්සාහ කරයි. ඒක තමයි රනිල්ගේ හැටි” ඩලස් කීවේය.
“ඔව් ඔව් අපිටත් ආරංචි වුණා දැන් මන්ත්‍රීවරුන් බිලී බා ගන්න සල්ලි මලු පිටින් විසිකරනවයි කියලා. මන්ත්‍රිවරුන්ගේ වටිනාකම දැන් එන්න එන්නම වැඩි වෙනවා. මේ විදියට අල්ලස් දෙන්න වියදම් කරන්නේ බැඳුම්කරෙන් ගහපු සල්ලි ද කියන එක ගැන විමර්ශනයක් කරන්න ඕනේ” ප්‍රසන්න පැවසීය.
“එදා බැඳුම්කර හොරු ආරක්ෂා කරන්න එකතු වෙච්ච කට්ටියම තමයි දැන් රනිල්ව ආරක්ෂා කරන්නත් එකතු වෙලා තියෙන්නේ. මේ සේරම එක වල්ලේ පොල්” රෝහිත කීවේය.
“බැඳුම්කර වංචාවෙන් හොයපු මුදල් තමයි එක්සත් ජාතික පක්ෂය පහුගිය මහ මැතිවරණයට වගේම පළාත් පාලන මැතිවරණයටත් වියදම් කළේ. සල්ලි හොරකම් කළාට ඒ සල්ලි වියදම් කරලා ජනමතය හොරකම් කරන්න බැහැ කියන එක නම් කට්ටියට පසුගිය මැතිවරණයේ දී හොඳටම තේරුම් යන්න ඇති” ප්‍රසන්න පැවසීය.
“මන්ත්‍රීවරුන්ට අල්ලස් දීලා බිලී බා ගත්තත් ජනතා කැමැත්ත අල්ලසට ගන්න බැහැ” පවිත්‍රා පැවසුවාය.
“විශ්වාසභංගය නිසා ආණ්ඩුව විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයත් දෙදරලා. දැන් පක්ෂය ඇතුළේ ඇන කොට ගන්නවා රනිල්ට සහය දෙනවද නැද්ද කියලා. ඒ අස්සෙන් තව කට්ටියක් පක්ෂ නායකත්වයට පොරකනවා. තවත් කට්ටියක් අගමැතිකමට පොරකනවා” මහින්දානන්ද කීවේය.
“ඕක තමයි යථාර්තය. රනිල්ගේ කරේ ඉඳගෙන පාර්ලිමේන්තුවට රිංගපු එක්සත් ජාතික පෙරමුණේ සමහර ඇමැතිවරු කොළඹ නිල නිවෙස්වලට රිගංලා රනිල්ව එලවන්න කුමන්ත්‍රණය කරනවා කියලා ආරංචියි. ඒ අය හදන්නේ අපේ පානෙන් එළිය බලන්නයි” ප්‍රසන්න පැවසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශ්වාසභංගයට පක්ෂ වෙනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ කියලා සුසිල් ඇමතිතුමා කියලා තිබුණා” රෝහිත සිහිපත් කළේය.
“ඔව් ඉතින් එක්සත් ජාතික පක්ෂයේ අගමැති ආරක්ෂා කරන්න ගියොත් නිදහස් පක්ෂයට ඊළඟ ඡන්දෙදි ඔය ලැබුණු ඡන්ද ටිකත් නැති වෙයි. ඒ හින්දා ඒ අයට ගන්න තියෙන එකම තීන්දුව අපිත් එක්ක එකතු වෙලා විශ්වාසභංගය ජයග්‍රහණය කරවන එක විතරයි” මහින්දානන්ද පැවසීය.
“අද ජනතාව ඉන්නේ කොතැනද කියලා තේරුම් යන කිසිම කෙනෙක්ට විශ්වාසභංගයට විරුද්ධ වෙන්න බැහැ. මේ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලා අපි දරන මතයේ තමයි මේ රටේ බහුතර ජනතාව දැන් ඉන්නේ. ඒක පහුගිය මැතිවරණයේ දී හොඳටම පැහැදිලි වුණා. ඒ හින්දා බහුතර මතයට පිටුපාලා විශ්වාසභංගය පරද්දන්න ඡන්දය දෙන කිසිම කෙනෙකුට දේශපාලන වශයෙන් අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිදහස් පක්ෂයේ අය හොඳින් තේරුම් ගෙන තියෙනවා කියලයි මම හිතන්නේ” සියල්ල අසා සිටි මහින්ද කළ විග්‍රහය සියලුදෙනා අනුමත කළහ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...