BREAKING NEWS
latest

728x90

468x60

Friday, April 27, 2018

යූජීසියට බලෙන් පැන්න අන්තරේ 10 ක්‌ දැලේ

අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්‌ඩලය මගින් ඊයේ (26 දා) පැවැත්වූ විරෝධතාවකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන හිමිනමක ඇතුළු ශිෂ්‍යයින් 10 දෙනකු කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විරෝධතාව අතරතුර විශ්වවිද්‍යාල කොමිෂන් සභ පරිශ්‍රයට ගේට්‌ටුව කඩා ගෙන බලහත්කාරයෙන් ඇතුළු වීම. හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

2016 සහ 2017 අධ්‍යයන වර්ෂ සඳහා බෞද්ධ දර්ශනය සහ බෞද්ධ අධ්‍යයනය විෂයයන් සඳහා සිසුන් බඳවා ගැනීම නතර කිරීමට රජය තීරණය කර ඇතැයි පවසමින් මෙම විරෝධතා පවත්වා ඇත.

මෙම විරෝධතාව හේතුවෙන් පුරහල අවට දැඩි වාහන තදබදයක්‌ පැවති අතර පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස්‌ සහ ජල ප්‍රහාරද එල්ල කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂූ බල මණ්‌ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් පැවසුවේ පොලිසිය කඳුළුගෑස්‌ සහ ජල ප්‍රහාර එල්ල කිරීම නිසා තුවාල ලැබු ශිෂ්‍යයින් දෙදෙනකු ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් නිදහස්‌ කරන තුරු ලිප්ටන් වටරවුම අසල අඛණ්‌ඩ විරෝධතාවේ නිරත වන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
« PREV
NEXT »