BREAKING NEWS
latest

728x90

468x60

Thursday, April 12, 2018

විශ්වාස භංගයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඡන්දය දුන් ඇමතිවරු 16 දෙනාම ඇමතිකම්වලින් ඉවත්වේ - ජනාධිපති අනුමැතිය දෙයි : VIDEO

අගමැතිවරයාට එරෙහිව පැවැති විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා ඊයේ (11 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඇමැතිධුරවලින් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා "දිවයින"ට පැවැසීය.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ජනාධිපති නිල නිවසේදී ඊයේ (11 වැනිදා) රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව තමන් ඇතුළු පිරිස මෙම තීරණය ගත් බව ලක්‍ෂ්මන් යාපා මහතා කීවේය.

බැඳුම්කර වංචාවට එරෙහිව අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දී තවදුරටත් ඔහු අගමැතිධුරය දරන ආණ්‌ඩුවක සිටීමට තමන්ට නොහැකි බවත් ඒ නිසා මෙම තීරණය ගත් බවත් හෙතෙම කීය.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සභාවාරයේ සිට තමන් විපක්‍ෂයේ අසුන් ගන්නා බවත් එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතු නොවන බවත් රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා "දිවයින"ට පැවැසීය.

විපක්‍ෂයේ සිට වෙනම ශ්‍රීලනිප කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කරන බවත් අවශ්‍ය වේලාවට පක්‍ෂය සහ ජනපතිවරයා රැකගැනීමට එකතුවන බවත් ඇමැතිවරයා කීය.

ඒ අනුව කැබිනට්‌ ඇමැතිවරු 6 දෙනකු සහ රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනෙක්‌ද නියෝජ්‍ය කථානායකවරයාද සිය ධුරවලින් ඉවත්වනු ඇත.

මේ අතර එස්‌.බී. දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රීලනිපය තවදුරටත් ජාතික ආණ්‌ඩුවේ සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ඉදිරි මධ්‍යම කාරක සභාවේදී ගනු ලබන බවයි.

මේ අතර ආණ්‌ඩුව සහ ශ්‍රීලනිපය ශක්‌තිමත් කරමින් තමන් තවදුරටත් ආණ්‌ඩුවේ රැඳී සිටින බවට අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී ඡන්දය භාවිත කිරීමට නොපැමිණි ශ්‍රීලනිප කණ්‌ඩායම ඊයේ (11 දා) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ අවස්‌ථාවේදී ආණ්‌ඩුවෙන් යැමට තමන්ට කිසිම වුවමනාවක්‌ නැති බවත් ආණ්‌ඩුවේ ඉදිරි කාලය අවසන් වන තෙක්‌ රටට කළ හැකි සේවය ඉටුකරන බවත් ඔවුන් පෙන්වා දී තිබේ. 

ඒ අනුව අද දිනයේ සිට ඇමති තනතුරු අතහරිනු ලබන ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස මෙසේය.
දයාසිරි ජයසේකර
එස්.බී. දිසානායක
සුසිල් පේ‍්‍රම්ජයන්ත්
අනුර ප‍්‍රියදර්ශණ යාපා
චන්දිම වීරක්කොඩි
ජෝන් සෙනෙවිරත්න
තිලංග සුමතිපාල
ලක්‍ෂමන් යාපා අබේවර්ධන
ටී.බී. ඒකනායක
ඩිලාන් පෙරේරා
සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ
අනුරාධ ජයරන්ත
සුමේදා ජයසේන
සුසන්ත පුංචි නිලමේ
ලක්‍ෂමන් වසන්ත පෙරේරා
තාරානාත් බස්නායක



« PREV
NEXT »