BREAKING NEWS
latest

728x90

468x60

Sunday, April 08, 2018

මැයි රැළි 2ක් : මහින්ද මෛත්‍රී එකම වේදිකාවක | Gossip 99

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම මැයි 7 වනදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර කම්කරු දින සැමරුම වෙනම සිදුකිරීමට කටයුතු සංවිධානය කරමින් සිටින බව වාර්තා වෙයි.

රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මේ පිළිබඳ මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබෙන අතර ‘ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ රනිල් හිතවාදී පාර්ශව සමග තවදුරටත් කටයුතු කල නොහැකි බවත් එහෙයින් මහ ලේකම්වරුන් වන මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක විසින් සංවිධානය කරන මැයි රැළියට සහභාගී නොවන බවද සඳහන් කර ඇත.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ කණ්ඩායම විසින් සංවිධානය කරන මැයි රැළිය කොළඹ විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී පවත්වන බවත් ඒ සඳහා ශ‍්‍රිලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂටද ආරාධනා කරන බවය.
« PREV
NEXT »