Tuesday, April 03, 2018
Home
Gossip Lanka News
වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධිය ගැන ආන්දෝලනාත්මක සාක්ෂියක්
වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධිය ගැන ආන්දෝලනාත්මක සාක්ෂියක්
-
Tuesday, April 03, 2018
වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේදී සිදුවු ගැටුමකින් එහි සිටි රැඳවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිදුවු දින උදැසන තමන් ඡයාරූප ගනිද්දී බන්ධනාගාර රැඳවියන්ගේ මළ සිරුරු අසළ ගිනි අවි නොතිබු මුත් දහවල් මහෙස්ත‍්‍රාත්වරිය පැමිණ අපරාධ ස්ථානය පරීක්‍ෂාවට ලක් කරන විට බන්ධනාගාර රැඳවියන්ගේ මළ සිරුරු අසළ ගිනි අවි තිබු බවත්, තමා ඒ අවස්ථාවන් දෙකේම ඡයාරූප ලබාගත් බවත් බන්ධනාගාර මූලස්ථානයේ නිල ඡයාරූප ශිල්පියා වන ජේලර් නිරාජ් දුෂ්‍යන්ත ගුණවර්ධන විසින් ප්‍රකාශයක් ලබාදුන් බව රහස් පොලිසිය විසින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ තවත් දෙදෙනෙක් සිවිල් ඇදුමින් පැමිණ මෙම සිදුවීම වූ දින රාත්‍රියේ රැදවියන් කිහිපදෙනෙකු තෝරාගෙන පිටතට රැගෙන ගොස් ඇති බවට සාක්ෂි ලැබී ඇති බවට වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතනයන් සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණයන් වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය සඳහන් කර සිටියා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයින 09 දෙනෙකු ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
