BREAKING NEWS
latest

728x90

468x60

Monday, April 02, 2018

රනිල් දිනුවත් පැරදුණත් අලුත් ආණ්‌ඩුවක්‌ ස්‌ථිරයි

අනිද්දා (04 වැනිදා) පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේදී අගමැතිවරයා දිනුවත් පරාජය වුවත් ස්‌ථිර වශයෙන්ම නව ආණ්‌ඩුවක්‌ බිහිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජයගතහොත් පවතින සම්මුතිවාදී ආණ්‌ඩුව එදින අවසන් වී ඔහුට සහාය පළ කරන පිරිසකගෙන් සමන්විත නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට සහ ඒ අනුව විශ්වාසභංගයට සහාය පළ කරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට විපක්‍ෂයට යැමට ද සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

එහෙත් එහිදී පවතින සම්මුතිවාදී ආණ්‌ඩුව අවසන් වන නිසා රනිල් වික්‍රමසිංහ මහතාට පිහිටුවීමට සිදුවනු ඇත්තේ 30 දක්‌වා අඩුකරන ලද අමාත්‍ය මණ්‌ඩලයකින් යුත් ආණ්‌ඩුවක්‌ බවද එම ආරංචි මාර්ග හෙළි කරයි.

යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි අයෙක්‌ අගමැතිවරයා ලෙස පත්කර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සිදුවනු ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලනිප සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දැනටමත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය පළකිරීමට නිල නොවන වශයෙන් තීන්දුවක්‌ ගෙන ඇති බවත් අද (02) දින සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මේ සම්බන්ධයෙන් නිල තීන්දුවක්‌ ගනු ඇති බවත් ශ්‍රීලනිප ආරංචි මාර්ග හෙළි කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
« PREV
NEXT »