Sunday, April 22, 2018
Home
Gossip Lanka News
අළුතින් කැබිනට් ඇමතිවරුන් ලෙස මේ සතියේ දිවුරන හය දෙනා මෙන්න
අළුතින් කැබිනට් ඇමතිවරුන් ලෙස මේ සතියේ දිවුරන හය දෙනා මෙන්න
-
Sunday, April 22, 2018
මෙම සතියේදී සිදුවනු ඇති බවට විශ්වාස කෙරෙන කැබිනට් සංශෝධනයේදී නව කැබිනට් ඇමතිවරුන් හය දෙනෙකු පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
මෙම පත් කිරීම සිදු කෙරෙන්නේ ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරුන් හය දෙනෙකු ඉල්ලා අස්වීම නිසා ඇතිව තිබෙන පුරප්පාඩු පිරවීම සදහායි.
විජේදාස රාජපක්ෂ, පාලිත රංග බණ්ඩාර, රංජිත් අළුවිහාරේ එජාපයෙන් හා පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න ශ‍්‍රීලනිපයෙන් යෝජනා වී තිබේ.
රවි කරුණානායක මහතාද ඇමති ධුරයක් සදහා යෝජනා වී තිබූ මුත් ජනාධිපතිවරයා විසින් එය ප‍්‍රතික්‍ෂේප කර ඇති බවද වාර්තා වේ.
මීට අමතරව රාජ්‍ය හි නියෝජ්‍ය ඇමතිවරුන් දස දෙනෙකුද දිවුරුම් දීමට නියමිතය.
