BREAKING NEWS
latest

728x90

468x60

Thursday, April 26, 2018

ශ්‍රීලනිපයේ තනතුරු වෙනසක්‌ - මධ්‍යම කාරක සභාවේ ගත් තීරණය ඇමැති මහින්ද සමරසිංහ කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්‌ මැයි 8 සහ 15 අතර කාලයේ සිදු කරන බව පෙරේදා (24 දා) පැවැති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය. 

එහිදී කළ යුතු වෙනස්‌කම් හා ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කමිටුවක්‌ පත්කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි මහින්ද සමරසිංහ ඇමැතිවරයා ඊයේ (25 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ආණ්‌ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී. ල. නි. පක්‍ෂයේ ඇමැතිවරුන් 16 දෙනා ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට මධ්‍යම කාරක සභාවේදී එකඟතාවට පැමිණි බවත් ඉවත්වූ 16 දෙනා විපක්‍ෂයේ අසුන් ගත්තද වෙනත් පක්‍ෂයකට සම්බන්ධ නොවන බව එහිදී ප්‍රකාශ කළ බවත් ඇමැතිවරයා කීවේය.

පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමේදී මධ්‍යම කාරක සභාවේත් පාර්ලිමේන්තු කණ්‌ඩායමේත් අදහස ලබා ගැනීමටද මහ ඇමැතිවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහ පක්‍ෂයේ ශාඛා සමිති ඇතුළු සියලුම ශ්‍රීලනිප පාක්‌ෂිකයන්ගේ අදහස්‌ කමිටුව හරහා ලබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත
« PREV
NEXT »