BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, April 25, 2018

නාමල් කාශ්මීරයේදී වැඩ අරඹයි

පසුගියදා කාශ්මීරයේ කාත්නා රග්බි කණ්ඩායමක් වෙනුවෙන් ලබාදුන් පොරෙන්දුව ඉටුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජම්මු කාශ්මීරයේ රග්බි ක්‍රීඩිකාවන් පුහුණු කරවීම ආරම්භ කර තිබෙනවා.

මෙම රග්බි පුහුණුව සඳහා පුහුණුකරුවන් 6ක් එක්ව ඇති අතර ජම්මු කාශ්මීරයේ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට පමණ මග පෙන්වීම් සිදුකරන බව සඳහන්.

මෙම පුහුණු කිරීම් සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය සෙනසුරාදා කාශ්මීරය බලා පිටත්ව ගිය අතර එය ඔහු කාශ්මීරය වෙත පැමිණි ප්‍රථම අවස්ථාවද වෙනවා.

දින හතක් පුරා මෙම පුහුණු වැඩසටහන පැවැත්වීම නියමිත අතර රග්බි පුහුණුවට සමගාමීව ජම්මු කාශ්මීරයේ දේශපාලන නායකයන් හා ප්‍රභූන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහාද මන්ත්‍රීවරයා එක්ව තිබෙනවා.
« PREV
NEXT »