Saturday, April 07, 2018
Home
Dayasiri Jayasekara
නව ඇමති මණ්ඩලයක් අද හෙටම - දයාසිරිට ඇමතිකමෙන් යන්න බෑලු | Dayasiri Jayasekara
නව ඇමති මණ්ඩලයක් අද හෙටම - දයාසිරිට ඇමතිකමෙන් යන්න බෑලු | Dayasiri Jayasekara
-
Saturday, April 07, 2018
විශ්වාසභංගයෙන් පසු සිද්ධ වන්නට නියමිත දේශපාලන පෙරළියේ මුල් ලකුණු හෙළි කරමින් ලබන සතියේ නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත වන අතර එම ඇමතිවරුන් විෂය පථ වෙනස්කම් සහිත පූර්ණ විද්‍යාත්මක පදනමින් සැකසූවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමින් කියා සිටියේය. එජාප ශ්‍රිලනිප දෙපාර්ශවයම ඇතුළත් කමිටුවක් ද ඒ සඳහා පත් කළ බව ඔහු පවසා ඇත.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ ඇමතිවරුන් 06 දෙනාගෙන් පස් දෙනෙක් සිය ධුරවලින් ඉල්ලා අස්වෙන බව එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පක්ෂ විධායක කමිටුවේදී තීරණයක් ගන්නට නියමිත බව වාර්තාවේ.
චන්දිම වීරක්කොඩි, ජෝන් සෙනවිරත්න, එස්.බි දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ඊට ඇතුලත් වන අතර දයාසිරි ජයසේකර ඇතුළත් නැත. විශ්වාසභංග යෝජනාවට ඡන්දය දුන් සියලුම අමාත්‍යවරුන් අමාත්‍යධූරවලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් මෙන්ම ඔවුනට එරෙහි විශ්වාසභංගයක් අද කථානායකවරයා වෙත ඉදිරිපත් කරන්නටද නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර,බුද්ධික පතිරණ ,සුජීව සේනසිංහ ,පාලිත තෙවරප්පෙරුම,වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමේ සූදානමක් ගැනද දේශපාලන ආරංචි හෙළි කර තිබේ. ඔවුනට අමතරව නලින් බණ්ඩාර ,එස්.එම් මරික්කාර් , මුජුබර් රහුමාන් , හෙක්ටර් අප්පුහාමි නියෝජ්‍ය අමාත්‍ය ධුර සදහා යෝජනා වී ඇත.
පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඕනෑම අයෙකුට රජය ශක්තිමත් කිරීම සඳහා තමන්
ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද කියා ඇත්තේ හැරගිය ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් නැවත රජය වෙත නැඹුරු කරවීමටය.
මැතිවරණ ක්‍රමයේ පවතින විකෘති තත්ත්වයන් නිසා පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කළ
යුතු බව ද ජනාධිපතිවරයා අද දන්වා ඇත.
