BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, April 18, 2018

අපනයනකරුවන්ට ඇමරිකානු GSP බදු සහනය නැවතත්


අප්‍රේල් මාසයේ සිට යළිත් වරක් ඇමරිකානු GSP බදු සහනය ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට විවෘත වන බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව, අප ඇමරිකාවට කරනු ලබන අපනයන ප්‍රමාණය ප්‍රථමවරට ඩොලර් බිලියන 03 ක් දක්වා වැඩි වී තිබීම වාර්තා වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.



අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.




"මේ ආකාරයට GSP බදු සහනය නැවත වරක් අලුත් කිරීම තුළින්, ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීම පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද රජයට ස්තූතිවන්ත වන බවත් ඇමරිකානු රජයේ මෙම මුලපිරීම, ලෝකයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා සමඟ පවතින සබඳතාව ශක්තිමත් කිරීම සහ ඒ තුළින් අපේ අපනයනකරුවන්ට පමණක් නොව ඇමරිකානු අපනයනකරුවන් සහ ඇමරිකානු පාරිභෝගිකයින් සමඟ ඉතා ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීම සඳහා පිටුවහලක් වන බවත් අමාත්‍යවරයා පැවසීය.


ඇමරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ගැණුම්කරුවා වන අතර, එම අපනයන ප්‍රමාණය පසුගිය වසරේදී පෙරමුණ ගෙන ඇත. පසුගිය වසරේදී ඇමරිකාවට සිදු කළ මුළු අපනයන ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 සිට 3 (2.9- 3.0 Billion US Dollar) දක්වා ඉහළ ගොස් තිබේ. එය 2016 වසරට සාපේක්ෂව බලන කළ සියයට 3.65% ක වර්ධනයකි. ඒ වගේම පසුගිය වසරේදී අපගේ නිෂ්පාදන මිළ දී ගත් දෙවන විශාලතම ගැණුම්කරුවා වූයේ එක්සත් රාජධානිය යි. අප එක්සත් රාජධානයට කරන ලද මුළු අපනයන වටිනාකම ඩොලර් බිලියන 1.03 (1.03 Billion US Dollar) ක් වන අතර, අපේ තෙවන ගැණුම්කරුවා වන ඉන්දියාව ඩොලර් මිලියන 689 ( 689 Million US Dollar) ක අපනයන නිෂ්පාදන මිළ දී ගෙන තිබෙනවා. අපේ ප්‍රධානතම අපනයන වර්ගය වන ඇඟළුම්වලින් අපි වාර්ෂිකව සියයට 70 - 75% ක් අතර ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඇමරිකාවටයි. 2016 වසරේදී පමණක් ශ්‍රී ලංකා ඇමරිකානු ආනයන - අපනයන වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 3.3 ( 3.3 Billion US Dollar)කි.


මේ වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතිලාභී රටවල් 120 ක් සඳහා GSP බදු සහනය ලබා දීමට අවසර ලබා දී තිබෙන අතර මෙම දියුණු වෙමින් පවතින රටවල් 120 ක නිෂ්පාදන 5000 ක පමණ ප්‍රමාණයකට, මෙම බදු සහනය අපනයනයේදී හිමිවන බවත් මෙම GSP බදු සහනය යළිත් වරක් මේ අප්‍රෙල් 22 සිට ක්‍රියාත්මක කෙරෙන බවට දැනුවත් කොට ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


« PREV
NEXT »