Wednesday, April 18, 2018
Home
Gossip Lanka News
ICTA සභාපතිධූරය රොහාන් සමරජීව.
ICTA සභාපතිධූරය රොහාන් සමරජීව.
-
Wednesday, April 18, 2018
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් ICTA ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ, මහාචාර්ය රොහාන් සමරජීව මහතායි .
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ස්ථාපිත කර ඇත.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ මෙම ආයතනය ක්‍රියාත්මක වේ.
නව සභාපතිවරයා ලෙස පත් වූ මහාචාර්ය රොහාන් සමරජීව මහතා ICTA ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද E Srilanka ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන මුලික සැලසුම් සකස් කිරීමේදී විශාල මෙහෙවරක් ඉටු කළේ ය.
මහාචාර්ය සමරජීව මහතා විදුලි සන්දේශ හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් ද මීට පෙර කටයුතු කර ඇත.
