Wednesday, May 02, 2018
Home
Gossip Lanka News
සුගන්ධිකාට නීතිඥ සංගමයෙන් දින 14ක් : අධිකරණය මුදාහරියි
සුගන්ධිකාට නීතිඥ සංගමයෙන් දින 14ක් : අධිකරණය මුදාහරියි
-
Wednesday, May 02, 2018
නීති ක්ෂේත්‍රෙයේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකළ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට එම කරුණු සනාථ කිරීම සඳහා ඇති සාක්ෂි දින 14ක් ඇතුළත ඉදිරිපත්කරන ලෙස නීතිඥ සංගමය විසින් ලිපියක් යොමුකර ඇත.
ශ්‍රීලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර ඇති අතර,නීතිඥ සුගන්ධිකා මහත්මිය ප්‍රසිද්ධ කළ කරුණු කිසිවක් මෙතෙක් නීතිඥ සංගමයට දැනුම්දී හෝ පැමිණිලි කර නොමැති බවද එම ලිපියේ සඳහන් වේ.
එම සාක්ෂි ලැබීමෙන් පසු ඒ පිළිබඳ සොයාබලන බවත්, ඒ අනුව යම් පුද්ගලයෙකු වැරදිකරුවෙකු වේ නම් තරාතිරම නොබලා කටයුතු කරන බවත් නීතිඥ සංගමය විසින් සුගන්ධිකා මහත්මියට ප්‍රකාශ කර ඇත.
අප්‍රේල් මස 26 වැනිදා නීතිඥ සංගමය විසින් මෙම ලිපිය ඇයට යොමුකර තිබේ. නීතිඥ සංගම් කාර්යාලයේ ඊයේ(01දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේබව කීය.
සුගන්ධිකාට අවවාද කර මුදාහරයි
මේ අතර අධික වේගයෙන් රිය පැදවීමේ සිදුවීමකට අදාළව වරද පිළිගත් නීතිවේදී සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට අවවාද කර මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණයෙ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබේ.
අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117ක වේගයෙන් රිය පැදවීමේ වරදට පෑලියගොඩ පොලීසිය ඇයට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කර තිබේ. නීතිවේදියෙකුගේ සහායක් නොමැතිව ඇයම විත්තිකූඩුවට නැග වරද පිළිගත්තාය.
