Saturday, May 26, 2018
Home
Gossip Lanka News
2017 වසරේ ගංවතුරෙන් පීඩාවට පත් දෙණියායේ ජනතාවට ජූනි දෙවැනි සතියට පෙර වන්දි ලබා දෙන්නැයි ඇමති සාගලගෙන් නියෝග
2017 වසරේ ගංවතුරෙන් පීඩාවට පත් දෙණියායේ ජනතාවට ජූනි දෙවැනි සතියට පෙර වන්දි ලබා දෙන්නැයි ඇමති සාගලගෙන් නියෝග
-
Saturday, May 26, 2018
2017 වසරේ ඇති වූ ගංවතුර හේතුවෙන් පීඩාවට පත් වූ දෙණියාය ආසනයේ ජනතාවට වන්දි ගෙවීමේ කටයුතු ජූනි මස දෙවැනි සතිය අවසන් වීමට පෙර නිම කරන්නැයි ව්‍යාපෘති කලමණාකරන , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පිටබැද්දර, පස්ගොඩ සහ කොටපොල ප්‍රාදේශීය ලේකම්වරුන්ට නියෝග කරන ලදී.
ඒ අනුව පිටබැද්දර , කොටපොල සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීම පිලිවෙලින් එලඹෙන ජූනි 07 දින පිටබැද්දර ,08 කොටපොල ,09 පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල සිදු කරන්නැයි අමාත්‍යවරයා නියෝග කරන ලදී.
එසේම රජයෙන් මුදල් වෙන්කර දී තිබය දී අදාළ වන්දිමුදල් ගෙවීමට කටයුතු නොකිරීම සම්බන්යෙන් අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සිය අප්‍රසාදය පළ කර සිටියේය.
2017 වසරේ ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත්වූ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් බිලියන 1.5 ක මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමතය හිමි වූ අතර එම මුදලින් වැඩි කොටසක් දෙණියාය ආසනයේ පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීම වෙනුවෙන් වෙන් කර ඇත.
2017 වසරේ ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීමට හානි ඇස්තමේන්තු කර ජාතික රක්ෂණභාර අරමුදලෙන් වන්දි ලබා දීම සිදුවුවත් එහිදි ප්‍රමාණවත් පරිදි වන්දි නොලැබීම හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර අදාළ මුදල් වෙන්කරනු ලැබිණ
එසේ මුදල් වෙන්කර තිබුණද වන්දි ලබා දීම නිසිපරිදි සිදු වී නොතිබුණු නිසාවෙන් අමාත්‍ය සාගල රත්නායක මහතා මැදිහත් වී කරුණු සොයාබලා එම වන්දි ගෙවීම් මෙලෙස කඩිනම් කරන්නැයි අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට නියෝග කරන ලදී.