Saturday, May 05, 2018
Home
Gossip Lanka News
එජාප මැයි දින සැමරුම හෙට සුගතදාස ක්‍රීඩාංගණයේදී
එජාප මැයි දින සැමරුම හෙට සුගතදාස ක්‍රීඩාංගණයේදී
-
Saturday, May 05, 2018
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් චාම්ව, අභිමානවත්ව හෙට උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කැර තිබේ. මෙහිදී අගමැතිවරයා විශේෂ මැයි දින ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
සර්ව ආගමික නායකයන් මැති ඇමැතිවරුන්, වෘත්තීය සමිති නියෝජිතයින්, පාක්ෂිකයින් ඇතුළුව විසිදහසකගේ පමණ සහභාගිත්වයෙන් රැස්වීම පැවැත්වෙන බව ජාතික සේවක සංගමයේ උප සභාපති මාධ්‍ය ප්‍රකාශක සුනිල් ද සිල්වා මහතා ‘දිනමිණ’ ට පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති හතර මෙහිදී වැඩ කරන ජනතාවගේ සුබසිද්ධියට අදාළ යෝජනා පහක් රජය වෙත ඉදිරිපත් කරන බවත් සිල්වා මහතා විද්‍යුත් තාක්ෂණයෙන් හැඩගැන්වුණු නිර්මාණාත්මක වේදිකාවක් මැයි දින රැස්වීම පැවැත්වීමට ඉදිකරන බවත් පැමිණෙන ජනතාවට අපහසුවක් ඇති නොවන ආකාරයට සහභාගිවීමට පහසුකම් සලසා තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීයවේදීන්, යොවුන් පෙරමුණ කාන්තා සංවිධාන යනාදී සෑම අංශයක්ම මැයි දින රැස්වීම නියෝජනය කරනු ලැබේ.
මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය මෙවර පෙළපාලි නොපවත්වනු ඇත.
