BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 03, 2018

ශ්‍රී ලංකන්, මිහින් ලංකා අක්‍රමිකතා තොරතුරු රැසක් පරීක්ෂණ කොමිසම වෙත

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, සීමාසහිත ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ආයතනවල වසර 2006 ජනවාරි සිට වසර 2018 ජනවාරි දක්වා කාල පරාසයට අයත් අත්‍යවශ්‍ය ලේඛන හා ලිඛිත තොරතුරු රැසක් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නීති අංශය විසින් කැඳවා තිබේ. තවද එම ආයතන තුන ගනුදෙනු සිදු කළ බැංකුවලින් ද විස්තර ලබාගැනීමට පියවරගෙන තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා ප්‍රධාන නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිඥ කණ්ඩායමක් නීතිමය කටයුතු සිදුකරගෙන යමින් ලැබී තිබෙන ලේඛන පිළිබඳව පුළුල් අධ්‍යනයක නිරතව සිටින බවත් ආරංචි මාර්ග කියයි.

වසර 2006 සිට වසර 2018 දක්වා වූ කාල පරාසය තුළදී අදාළ අයතනයේ සිදුවුණ අක්‍රමිතා පිළිබඳව සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම මේ වනවිට කටයුතු රැසක් ඉටුකරගෙන යන අතර නීති අංශය ලබාදෙන උපදෙස් මත පොලිස් කණ්ඩායම විමර්ශන කටයුතු සිදු කරන බවත් ආරංචි මාර්ග පවසයි.
« PREV
NEXT »