BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 03, 2018

තේ රබර් සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරයි

ග්ලයිෆොසෙට් තහනම රබර් සහ තේ සඳහා ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (02) පැවසීය.


වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

ජනාධිපතිරයා සහ අගමැතිවරයා සමඟද මේ බව සාකච්ඡා කර ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මේ සම්බන්ධ කැබිනට් අනුමැතිය ඉදිරි සතියේදී ගැනීමට නියමිත බවද සඳහන් කළේය.

ඒ අනුව වී සහ අනෙකුත් වගාවන්ට ග්ලයිෆොසෙට් තහනම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර තේ සහ රබර්වලට පමණක් තහනම ඉවත් කරනු ඇත.
« PREV
NEXT »