Thursday, May 10, 2018
Home
Gossip Lanka News
අධිකරණ සංශෝධන පනත ආණ්‌ඩුවට එරෙහිවන්නන් හිර කිරීමේ උගුලක් - මහින්ද කියයි
අධිකරණ සංශෝධන පනත ආණ්‌ඩුවට එරෙහිවන්නන් හිර කිරීමේ උගුලක් - මහින්ද කියයි
-
Thursday, May 10, 2018
විශේෂ අධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත පැහැදිලිවම ආණ්‌ඩුවට විරුද්ධව පෙනී සිටින ප්‍රබල දේශපාලන චරිත දඩයම් කිරීමේ හා නිශ්ශබ්ද කිරීමේ අරමුණින් ගෙන එන්නක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා 'දිවයින'ට පැවසීය.
මෙම පනත හුදෙක් සද්භාවයෙන් දේශපාලන සංස්‌කෘතිය පිරිසිදු කිරීමේ අවංක ෙච්තනාවකින් ගෙන එන්නක් නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙමගින් උත්සාහ කරන්නේ අගවිනිසුරුවරයා සතු බලතල දේශපාලනඥයින් අතට ගැනීමක් යෑයි ද සඳහන් කළේය.
වත්මන් නීතිය යටතේ අගවිනිසුරුවරයා සතු විශේෂ අධිකරණ පිහිටුවීමේ බලය මෙම සංශෝධන පනතින් ඇමැතිවරයකුට පැවරීමට සූදානම් වන බවත් මෙය අධිකරණය දේශපාලනීකරණය කිරීමට දරන උත්සාහයක් බවත්, පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා අධිකරණ බලතල පාවිච්චි කිරීමට ඇමැතිවරුන්ට කිසි ලෙස නොහැකි බව කීය.
මෙය හොරුන් ඇල්ලීමට නොව ආණ්‌ඩුවට විරුද්ධව පෙනී සිටින දේශපාලනඥයන් හිර කිරීමේ උපක්‍රමයක් බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා හොරු සිටින්නේ කොහේදැයි ජනතාවට අද සක්‌සුදක්‌සේ පැහැදිලි බවද පැවසීය.
අනුර බලසූරිය
