BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 19, 2018

කොටි සැමරුමට මම එකඟ නෑ - ඇමැති මනෝ ගනේෂන්

යුද්ධයෙන් මියගිය උතුරේ සාමාන්‍ය ජනතාව සිහි කරන බව පවසමින් ත්‍රස්‌තවාදීන් සිහි කිරීමට සහ "මහවිරු" උත්සව පැවැත්වීමට යමෙකු ක්‍රියා කරන්නේ නම් තමන් එයට එකඟ නොවන බව ජාතික ඒකබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා  ඊයේ (18 දා) ප්‍රකාශ කළේය. 


එමෙන්ම තිස්‌ වසරක්‌ පුරා පැවැති යුද්ධය හේතුවෙන් ජීවිතක්‍ෂයට පත් වූ උතුරේ සහ දකුණේ සාමාන්‍ය ජනතාව සැමරීමට සහ සිහි කිරීමට ඇති මානුෂීය අයිතියට කිසිවකුට අභියෝග කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. 

යුද්ධයෙන් මියගිය දෙපාර්ශ්වයේම පිරිස්‌ සිහි කරන්නේ ඔවුන්ගේ ඥාතීන් නිසාවෙන් කවුරුන් හෝ එයට එරෙහි වේ නම් එය සදාචාරසම්පන්න ක්‍රියාවක්‌ නොවන බවද ඇමැතිවරයා කියා සිටියේය.

යුද්ධයෙන් මියගිය සාමාන්‍ය ජනතාව සිහි කරන බව පවසමින් උතුරේ ඇතැම් ස්‌ථානවලදී කොටි සැමරුම් පවත්වන්නට යන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් තමන් කවදත් එල්ටීටීඊ ප්‍රතිපත්තිවලට එකඟ නොවූ බවත් ඇමැති මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
« PREV
NEXT »