BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 23, 2018

මංගල රහසිගතව රාජපක්ෂලා හමුවෙලාලු ?

රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වූ පසු තමා කිසිඳු අවස්ථාවක තනතුරු වරප්‍රසාද ලබා ගැනීමට හෝ වෙනත් කිසිඳු කාරණයක් සඳහා රාජපක්ෂවරු හමුවීමට නොගිය බව අවධාරණය කර සිටින මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, රාජපක්ෂවරුන් නම් තමා හමුවීමට පැමිණි බව කියා සිටියි.


ඔහු එබව කියා සිටියේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී ය. 

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මංගල සමරවීර මහතා ඔහුගේ හිතවතකු වන රුවන් ෆර්දිනන්දිස් හරහා තමා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට උත්සහ කල බවට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කර තිබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කල විමසීමකදී ඇමතිවරයා මෙසේ පැවසිය.

''2014 සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල දී රාජපක්ෂලා මාව හම්බ වෙන්න ඕනෙ කිවුවා. ගෝඨාභය රාජපක්ෂ පවා හම්බ වෙන්න ඕනෙයි කිවුවා. 

නමුත් මම ගෝඨාභය රාජපක්ෂ හමු වීම ප්‍රතික්ෂේප කළත් මම කිවුව මට එක එක්කෙනා හම්බ වෙන්න තැන් තැන්වලට එන්න බෑ මහින්ද රාජපක්ෂට ඕනෙ නං මාව හම්බ වෙන්න මගෙ ගෙදරට එන්න කියල. 

ඒ අනුව එතුමා මාව හම්බ වෙන්න ආව මගේ ගෙදරට. එහෙම නැතුව මම ඔය කාවවත් හම්බ වෙන්න කොහෙවත් ගියෙ නෑ.''


« PREV
NEXT »