BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 25, 2018

ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ අංශය කාර්යක්ෂම කරන්න - පුලා ඉල්ලයි

ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ විමර්ශන අංශය කාර්යක්ෂම කරන ලෙස ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි මහතා ඉල්ලා සිටියි. 

දිනෙන් දින මුහුණු පොත අවභාවිතා කර හා සයිබර් අපරාධ නිසා හිංසනයට ලක්වූවන් තමන්ට මුණ ගැසෙන බවත්, එම මොහොතේ නොවිසදෙන ප්‍රශ්ණ හමුවේ ඔවුත් ශ්‍රී ලංකා පොලිසියට හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට යොමුකරත්, ඔවුන්ට ලැබෙන සේවාවේ කාර්යක්ෂමතාව පිළිබඳව සැහීමකට පත්විය නොහැකි බවත් ඒ මහතා අපවෙත සදහන් කරනවා. එමෙන්ම යම්කිසි සිද්ධියක් වූ පසු, ක්ෂණිකව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකි අංශයක් අවශ්‍ය බවත්, දින දෙක තුන ලතවෙමින් කාලය ගත කිරීමේදී සිද්ධියට මුහුණ දුන් තැනැත්තාගේ චරිතයට හානියක් ඇතිවීමේ හැකියාව වැඩි බවත්, දීර්ඝ කාලයක් මෙම අංශ පිළිබඳව කරන ලද අධ්‍යනයෙන් පසු අවශ්‍ය නිලධාරීන් නොමැතිවීම හෝ තාක්ෂණය නොමැතිකම හේතුවෙන් අසරණවන්නේ රටේ අපේ ආදරණීයන් බව වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දෙනවා. 


කාර්යක්ෂමතාවය පිළිබඳ බොහෝ අය තම නොසතුට තමන් වෙත පලකර ඇති බව සදහන් කරන අතර රජය මේ සඳහා පිහිටුවා ඇති ආයතනවල වෙබ් අඩවි ඉතා යල් පැන ගිය ඒවා මෙන්ම, ක්ෂණික ප්‍රතිචාර සඳහා තාක්ෂණය යොදාගත හැකි මාර්ග තිබෙන බවත්, ඒ සඳහා රජයේ අවදානය යොමුවන්නේ නම් මැනවියි සදහන් කරයි.
« PREV
NEXT »