Monday, May 07, 2018
Home
Gossip Lanka News
සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් සුව විශිෂ්ටතා සම්මාන උළෙලක්
සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් සුව විශිෂ්ටතා සම්මාන උළෙලක්
-
Monday, May 07, 2018
අම්පාර හෙද විද්‍යාලයේ සුව විශිෂ්ටතා සම්මාන උළෙල සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර හෙද විද්‍යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විනි. මෙහිදී අම්පාර ප්‍ර දේශයේ සෞඛ්‍ය සේවකයින්ගේ සේවය අගය කරමින් සම්මාන පිරිනමන ලදි. මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී. දයාරත්න, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුයේ 15 වන වරටයි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සියලුම සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් සුව විශිෂ්ටතා සම්මාන උළෙලක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දි පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි. එය මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත බව ද සේඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
