Friday, May 25, 2018
Home
Gossip Lanka News
ආගමන-විගමන නිලධාරින්ගේ ගැටලු ජනපතිගේ අවධානයට
ආගමන-විගමන නිලධාරින්ගේ ගැටලු ජනපතිගේ අවධානයට
-
Friday, May 25, 2018
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය අතර හමුවක් ඊයේ(24) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
ආගමන හා විගමන නිලධාරින් මුහුණදී සිටින වෘත්තීය ගැටලු කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ පුළුල් අවධානය යොමු කෙරිණි.
එම ගැටලු පිළිබඳ ඉදිරි දිනවලදී අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර පියවරෙන් පියවර විසදුම් ලබාදීමට ද මෙහිදී එකඟතාව පළ විය.
ආගමන හා විගමන සේවයේ සංවර්ධනයට ගතයුතු ඉදිරි පියවර පිළිබඳ ද මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමුවිය.
ආගමන හා විගමන නිලධාරින් රට වෙනුවෙන් ඉටු කරන සේවාව ද ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී. ස්වර්ණපාල යන මහත්රවරුන් ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ඇතු'ථ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
