Tuesday, May 15, 2018
Home
Gossip Lanka News
කීත් නොයාර් පැහැර ගැනීම කථානායකගෙන් ප්‍රශ්න කිරීමට යයි
කීත් නොයාර් පැහැර ගැනීම කථානායකගෙන් ප්‍රශ්න කිරීමට යයි
-
Tuesday, May 15, 2018
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට යයි.
මෙම ප්‍රශ්න කිරීම බොහෝ විට ඉදිරි දින කීපය ඇතුළත පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.
කීත් නොයාර් මහතාගේ පැහැර ගැනීම පිළිබඳව එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට මුලින්ම තොරතුරු ලබාදී තිබුණේ කරු ජයසූරිය මහතා විසිනි.
ඒ වන විට කරු ජයසූරිය මහතා රජයේ රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
කීත් නොයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව තොරතුරු ලැබුණේ කෙසේද යන්න ඇතුළු තවත් ගැටලු කීපයක් සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.
හේමන්ත රන්දුණු
