Saturday, June 02, 2018
Home
karu jayasuriya
මන්ත්‍රීවරුන් ඇලෝසියස්‌ගෙන් මුදල් ගත්තා නම් මා දැනුවත් විය යුතුයි - කරුත් 118 ඉල්ලයි
මන්ත්‍රීවරුන් ඇලෝසියස්‌ගෙන් මුදල් ගත්තා නම් මා දැනුවත් විය යුතුයි - කරුත් 118 ඉල්ලයි
-
Saturday, June 02, 2018
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන ඇලෝසියස් මහතාගෙන් මුදල් හා වෙනත් වරප්‍රසාද ලබාගත් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ඇතුළත් සී.350 දරන ලේඛනය තමන්ට වහාම එවන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.
ඊයේ (01දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා වෙත දුරකථන ඇමැතුමක් ලබාදී එම ලේඛන තමන් වෙත එවන ලෙස කථානායකවරයා ඉල්ලීමක් කර තිබේ.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිසම මගින් නිකුත් කරන ලද වාර්තාවේ එම කොටස් ඇතුළත් කර තිබූ නමුත් ඒවා ප්‍රසිද්ධියට පත් කෙරෙන්නෙ නැත.
එම රහස්‍ය කොටස් ද ඇතුළත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව මේ වනවිට ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතී.
අර්ජුන් ඇලෝසියය් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදල් ලබා ගෙන ඇත්නම් තමන් ද ඒ පිළිබඳ දැනුවත් විය යුතු බැවින් එම මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ප්‍රසිද්ධියට පත් නොවූ කොටස් ලැබෙන්නට සලස්‌වන ලෙස කථානායකවරයා ඉල්ලීමක් කළ බව කථානායක කාර්යාලයේ ප්‍රකාශකකයෙක් දිවයිනට කීය.
එම කොටස් ඇතුළත් සම්පූර්ණ මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව තමන්ට එවන ලෙස කථානායකවරයා මීට පෙර ද ජනාධිපති ලේකම්වරයාගෙන් ලිතව ඉල්ලීමක් කර තිබූ බවද එම ප්‍රකාශයා වැඩිදුරටත් පැවැසීය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...