Wednesday, June 13, 2018

Home
Gossip Lanka News
ගෝඨාගේ අභියාචනාධිකරණ පෙත්සම් විභාගය හෙට
ගෝඨාගේ අභියාචනාධිකරණ පෙත්සම් විභාගය හෙට
-
Wednesday, June 13, 2018
පොලීසිය විසින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය යන චෝදනාවට අදාලව පොදු දේපල පණත යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති සහතිකය නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබෙන පෙත්සම හෙට(14) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අද(13) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අරුජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල විසිනි.
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ කියා සිටියි.
ඒ සඳහා පොලීසිය විසින් පොදු දේපල පණත යටතේ සහතිකයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවත් එය නීතියට පටහැනිව සිදුකොට ඇති බවත් මේ හේතුවෙන් එම සහතිකය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අභියාචනය සිදුකොට තිබේ.
මීට අමතරව පොදු දේපළ පණත යටතේ ගොනුකොට තිබෙන අදාල සහතිකය මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාකිරීම වලකාලමින් මේ වන විටත් අභියාචනාධිකරණය පොලීසිය වෙත තහනම් නියෝගයක් කර තිබේ.
අද දින විනිසුරුවරුන් විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට දන්වා සිටියේ පෙත්සම්කරු සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට දිනයේ දී අධිකරණය දැනුවත් කරන ලෙසයි.
Most Reading
-
- Friday, June 01, 2018කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව...
-
- Monday, August 22, 2016ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjf...
-
- Sunday, February 11, 2018ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපා...
-
- Saturday, February 24, 2018දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පස...
-
- Wednesday, September 28, 2016udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdc...