Friday, June 15, 2018
Home
Gossip Lanka News
මධ්‍යම ආරක්‍ෂක සේනා භට පිරිස් විසින් අත්හරින ලද වැවක් පිරිසිදු කරයි
මධ්‍යම ආරක්‍ෂක සේනා භට පිරිස් විසින් අත්හරින ලද වැවක් පිරිසිදු කරයි
-
Friday, June 15, 2018
මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සිදුකරනු ලබන තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස හා අඹේගොඩ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත සහයෝගය දක්වමින් දියතලාව, අඹේගොඩ ග්‍රාම නිලධාරි වසමට අයත් මලපුඩුකපොල්ල වැව පිරිසිදු කරන ලදී.
මෙම වැව වසර ගණනාවක් පුරා නඩත්තු කටයුතු නිසිපරිදි සිදුනොවිම හේතුවෙන් අත්හැර දමා තිබු අතර ඉන් සුළු ජල ප්‍රමාණයක් පමණක් නැවත භාවිතා කළ හැකිවිය. කෘෂිකාර්මික අවශ්‍යතාවයන් සඳහා ප්‍රදේශය තුල පවතින ස්වාභාවික සම්පත් යොදාගැනිම පිණිස ගොවි ප්‍රජාව දිරිමත් කිරිමේ අරමුණින් යුතුව මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් මෙම සමාජ සත්කාරය සඳහා දායකත්වය සැපයීය.
බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමක් ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම මුලස්ථානයේ භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදී.
ඒ අනුව, මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශය තුල වී වගාව දිරිමත් කිරීම සඳහා එක් නිලධාරියෙකු සහ සෙබළුන් 13 දෙනෙකු දායක වු අතර මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් ද හමුදා භට පිරිස් සඳහා සහයෝගය දැක්වුහ.
තවදුරටත්, ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන මෙම වැව පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාව ගෙන ඇති උත්සාහය ඇගයීමට ලක්කරමින් ගම්වාසීන් සිය කෘතඥතාවය ද පළ කළහ.

